Home News Breaking රජයේ නිලධාරීන් අද ලෙඩ නිවාඩු දමයි

රජයේ නිලධාරීන් අද ලෙඩ නිවාඩු දමයි

580 views

රජයේ පරිපාලන නිලධාරීන් අනිවාර්ය ලෙඩ නිවාඩු දමා අද (14) දිනයේ සේවා කටයුතු වලින් ඉවත් විමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා සඳහන් කලේ පරිපාලන සේවා නිලධාරීන්ට හිමිවිය යුතු විශේෂ දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

අදාළ දීමනාව ලබාදීම පිළිබදව සොයාබැලීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කර ඇති අතර එමගින් එම දීමනාව ලබාදීම තවදුරටත් ප්‍රමාද වන බව රෝහණ ද සිල්වා පවසනවා.

රජයේ පරිපාලන නිලධාරීන් 2462කු අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර සේවා කටයුතු වලින් ඉවත් වන බවයි රාජ්‍ය පරිපාලන සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site