Home News Breaking රටපුරා රහසිගත සුනඛ ඝාතන – සුනඛ මිතුරු සංසදයෙන් නිවේදනයක්

රටපුරා රහසිගත සුනඛ ඝාතන – සුනඛ මිතුරු සංසදයෙන් නිවේදනයක්

SHARE

රාජ්‍ය සහ පෞද්ගලික ආයතන අවට සහ පළාත්පාලන බල ප්‍රදේශ වලට අයත් ඇතැම් ස්ථාන වල ගැවසෙන සුනඛයන් කොන්ත්‍රාත් පදනමක් යටතේ රහසිගතව පැහැරගෙන ගොස් මරාදමන බවට තම සංවිධානය වෙතට විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇතැයි අනුරාධපුර සුනඛ මිතුරු සංසදය නිවේදනය කරනවා.

එම සංඝදයේ සභාපති නීතිඥ හේරත් බණ්ඩා රත්නායක පවසා සිටියේ අනුරාධපුර ප්‍රදේශයෙන් මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වලින්ද මේ සම්බන්ධ තොරතුරු ලැබෙමින් පවතින බවයි.

සත්වහිංසන ආඥාපනත යටතේ සුනඛ ඝාතනය නීති විරෝධී බැවින් එම ආයතන ප්‍රධානීන් රහසිගතව දෙනු ලබන කොන්ත්‍රාත් මත මෙම සුනඛ ඝාතන සිදුවන අතර ඒ සඳහා කැපවූ කණ්ඩායම් ද සිටින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙ‍සේ මරා දමන ලද සුනඛයන් රහසිගතව වළ දැමෙන මුත් එසේ වළ නොදැමූ සුනඛයන්ගේ මළ සිරුරු කැළිකසල රඳවනයන් හි තිබී හමුවූ අවස්ථාද වාර්තා වී ඇතැයි ඔහු කියා සිටියා.

මේ තත්ත්වය යටතේ දැනටමත් රහසිගතව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිදුකෙරෙන මෙම සුනඛ ඝාතන වහා නැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව අනුරාධපුර සුනඛ මිතුරු සංසදය අවධාරණය කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site