Home News Breaking රටම කම්පාවට පත් කල කඹුරුපිටියේ එල්ලී මියගිය දරු තිදෙනාගේ මව මාසයකට පසු...

රටම කම්පාවට පත් කල කඹුරුපිටියේ එල්ලී මියගිය දරු තිදෙනාගේ මව මාසයකට පසු මතුවෙයි

SHARE

රටම කම්පාවට පත් කල කඹුරුපිටියේ පියා සහ දරුතිදෙනා එල්ලී සියදිවි හානි කර ගත් සිද්ධියේ එම දරුවන්ගේ මව මාසයකට පසු පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

තිරිමාදුව ශ්‍රියානි නමැති මේ මව පොලිසියට පැමිණ ඇත්තේ ඉතිරිව සිටින පවුලේ එකම හා වැඩිමහල් පුතු වන රන්සෑගොඩ සුදත්ත හිමියන් සමඟින් බවයි සඳහන් වන්නේ.

මේ මස 26 වැනිදා තම මව තමන් සමග කඹුරුපිටිය පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් දුන් බව අද (28) සුදත්ත හිමියන් මාධ්‍යට පවසා තිබුණා.

එහිදී ශ්‍රියානි ප්‍රකාශ කර ඇත්තේ,

“ආර්ථික ප්‍රශ්නත් එක්ක පවුලේ ආරවුල් ඇති වුනා. මම සැමියා හා දරුවන් දාල වැලිගම මහා ගෙදර ගියා. පස්සේ මම කොළඹ ගියා. ඒ අතරතුර ඔවුන් සිය දිවි නසාගෙන.

ඒ සිද්ධියත් එක්ක මට සමාජයට මුහුණ දෙන්න බෑ. ඒ හින්දයි සැමියා හා දරුවන්ගේ අවමගුලටවත් නාවේ. මට වෙනත් කිසිම සම්බන්ධයක් නෑ.” යනුවෙන්.

පසුගිය ජුනි මස 26 වන දින නිවස ඉදිරිපිට තිබු ගස් දෙකක ගෙල වැළලාගෙන මියගොස් තිබුණේ 43 හැවිරිදි පියා වන වික්‍රමතුංග ආරච්චි පතිරණගේ ප්‍රියන්ත, වැඩිමහල් දියණිය වූ 16 හැවිරිදි වික්‍රමතුංග ආරච්චි පතිරණගේ කෞශල්‍යා, බාල දියණිය වන 10 හැවිරිදි වික්‍රමතුංග ආරච්චි පතිරණගේ හිරුණි මෙන්ම බාල පුතු වන 14 හැවිරිදි රන්සෑගොඩ මංගල හිමියන්.

රන්සෑගොඩ උතුර කනිෂ්ඨ විද්‍යාලයේ 11 සහ 05 වැනි ශ්‍රේණිවල ඉගෙනුම ලබමින් සිටි දියණියන් දෙදෙනාගෙන් එක අයෙක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි අතර අනෙක් දුව අගෝස්තු මස පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියා.

අගහිඟකම පැවතියද ඉතා සතුටින් ජීවත් වූ මෙම පවුලේ පියා කුරුඳු තලන්නෙකු වූ අතර වසර පුරාම රැකියාව කරගෙන යාමට ඉඩක් නොමැතිවීම නිසා දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණ දී තිබෙනවා.

මේ පවුලේ පිරිමි දරුවන් දෙදෙනාම ශාසනයට පූජා කිරීමට ඔවුන් තීරණය කර තිබුණෙත් මේ පසුබිම යටතේ බවයි වාර්තා වන්නේ.

මේ අවාසනාවන්ත සිද්ධිය වීමට මාසයකට පමණ පෙර ශ්‍රියානි තම ස්වාමි පුරුෂයා සමග ආරවුලක් ඇතිකර ගන්නේ විදෙස්ගතවීම සඳහා යාමට අවසර ලබා නොදීම හේතුවෙන්.

මේ ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රියානි තම දියණියන් දෙදෙනා හා සැමියා තනිකර තම මහ ගෙදරට යන අතර ඇය මෙවර සිය ජංගම දුරකථනයද විසන්ධි කර ගත්තා නිසා සැමියාට හා දරුවන්ට ඇය සම්බන්ධ කරගැනීමටත් අපහසු වී තිබෙනවා.

කෞෂල්‍යා අවසන් වරට ලියු ලිපියක අම්මාට ඉක්මනින් නිවසට එන ලෙසද දන්වා තිබෙනවා.

අම්මා නොපැමිණිය හොත් සිදුවන්නේ තම මළ මිනී බලාගැනීමට බවද අම්මාට බුදු සරණයි කියාද එම ලිපියේ ඔවුන් ලියා තිබුණා.

ප්‍රියන්ත තමා පදිංචිව සිටි කැදැල්ලටද ගිනි තබා සුරතලයට ඇති කළ සුනඛයා ද ළිඳට දමා මරා මෙම අපරාධය සිදුකර තිබුණ අතර ගෙට ගිනි තැබීමට පෙර බුදුපිළිම, බුද්ධ රූප හා දේව රූප පිටතට ගෙනවිත් තබා තිබුණා.

සියල්ල සිදු වී අවසානයේ මවට කුමක් විද යන්න විශාල කතාබහක් ඇතිවුයේ ඇය මළ ගෙදරට හෝ ඉන් පසුව නොපැමිණි නිසයි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site