Home News Breaking රත්‍රං බිස්කට් 100 ක් ගෙනා විදේශිකයාට රුපියල් ලක්ෂ 50 ක දඩයක්

රත්‍රං බිස්කට් 100 ක් ගෙනා විදේශිකයාට රුපියල් ලක්ෂ 50 ක දඩයක්

172 views

පෝලන්ත ජාතිකයෙකු විසින් ඊයේ(31) දින උදෑසන නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ රන් බිස්කට් 100 සඳහා, රුපියල් ලක්ෂ 50 ක දඩ මුදලක් ගෙවන ලෙස නියම කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවා.

මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණය කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර්ගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ඔබේසේකර විසින් පවත්වා තිබුණා.

එහිදී මෙම 60 හැවිරිදි පෝලන්ත ජාතිකයා විසින් ගෙන ආ රුපියල් හය කෝටි හැත්තෑ පන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 100 රාජසන්තක කළ අතර , ඊට අමතරව මෙම පුද්ගලයාට රුපියල් ලක්ෂ 50 ක දඩ මුදලක් ලෙසද නියෝග කර තිබෙනවා.

මෙම පෝලන්ත ජාතිකයා පසුගිය ආසන්න මාසයක කාළය තුළ 06 වතාවක් මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බව රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබුණි.

මොහු ඊයේ දින එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරන ගුවන් යානයෙන් උදෑසන 8.50 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ඔහුගේ ඉන වටා බැදගෙන තිබූ විශේෂිත බද පටියක මෙම රන් බිස්කට් 100 සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site