Home News Breaking රන්ජන් – ජෝන් හැප්පෙයි

රන්ජන් – ජෝන් හැප්පෙයි

303 views

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ආණ්‌ඩුවේ සිටිමින් පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස අද (26වැනිදා) පැවැත්වෙන එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී ඉල්ලා සිටින බව සංචාරක සහ ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග පවසනවා.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුවද මෙය විනය විරෝධී බව පැවසූ ජෝන් අමරතුංග ඇමැතිවරයා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඉවත් කිරීමට හදන ඇතැමුන්ට තමන්ගේ ආසනයවත් දිනා ගැනීමට නොහැකි වූ බව කීවේය.

ජෝන් අමරතුංග ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසුවා.

එකට ආණ්‌ඩුවේ ඉඳලා ඇමැති තනතුරු ලබාගෙන පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම යුක්‌ති සහගත නැහැ.

එහෙම ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට පැවසිය යුතුයි.

මේ සම්බන්ධයෙන් තමා ඕනෑම පරීක්‍ෂණයකට මුහුණ දීමට සූදානම් බව නි. ඇමැති රන්ජන් රාමනායක පැවසුවා.

පක්‍ෂයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට තමා ගරු කරන බවද ඔහු පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site