Home News Breaking රන්තලාවේ භික්ෂු ඝාතනයට වසර 31යි- කුල දරුවන් 31ක් සසුනට

රන්තලාවේ භික්ෂු ඝාතනයට වසර 31යි- කුල දරුවන් 31ක් සසුනට

210 views

කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාව ප්‍රදේශයේදී මීට වසර 31 කට පෙර ඝාතනය කරන ලද හෑගොඩ ශ්‍රි ඉන්ද්‍රසාර නාහිමියන් අතුළු සාමනේර හිමිවරු 31 නම සිහිකිරීම නිමිති කොටගෙන අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානයේදි අද(01) කුල දරුවන් 31 දෙනෙකු සසුන් ගත කිරීම සිදුකර තිබෙනවා.

මෙම දරුවන් කුල දරුවන් පැවිදි කිරීම නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක පාදාගොඩ පුරාණ රජමහා විහාරාධිපති තලාගංගොඩ ධම්මරතන හිමියන් සහ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඉන්ද්‍රරත්න නාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබුවා.

ත්‍රස්තවාදින් විසින් අදින් වසර 31 කට පෙර 31 නමකගේ ලෙයින් තෙත් කළ භුමිය තුළ අද 31 නමක් මහණ කිරීම ඓතිහාසික සිදුවීමක් බව උතුරැ නැගෙනහිර පිරිවෙණ් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක අම්පාර මහාවාපි විහාරාධිපති, අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති, පුලුකුණාව රජමහා විහාරාධිපති, ශාස්ත්‍රපති කිරිදිවැල සෝමරතන හිමියන් මෙම උත්සවයේදි පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site