Home News Breaking රන් ආභරණ රේගුවෙන් පන්නන්න හැදු විශ්‍රාමික රේගු පරීක්ෂකට වැඩ වරදියි

රන් ආභරණ රේගුවෙන් පන්නන්න හැදු විශ්‍රාමික රේගු පරීක්ෂකට වැඩ වරදියි

888 views

රුපියල් මිලියන 15 ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් සමඟ විශ්‍රාමික රේගු පරීක්ෂකවරයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇති රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයලත් පවසනවා.

ගුවන් තොටුපලේ රේගු පරිශ්‍රයට ඇතුළු වී අදාළ විශ්‍රාමික රේගු පරීක්ෂකවරයාට කිසියම් පුද්ගලයෙකු විසින් එම රන් ආභරණ තොගය ලබා දී ඇති බවත් සැකකරු විසින් ගුවන්තොටුපලේ වැසිකිලියට ගොස් එම රන් ආභරණ තම බඳ පටියේ සඟවා ගෙන ගුවන් තොටුපලෙන් පිටව යාමේදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

එහිදී ඔහුගේ බඳ පටියේ සඟවා තිබී කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 500 කට ආසන්න රන් ආභරණ තොගයක් රේගුව සොයාගත් බවයි සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 65 හැවිරිදි ජා ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී ඇත.

ගුවන්තොටුපළ රේගුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව ද සුනිල් ජයලත් මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site