Home News Breaking රන් බිස්කට් 16ක් සමඟ සිව්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

රන් බිස්කට් 16ක් සමඟ සිව්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

216 views

නීති විරෝධීව රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්‍රං බිස්කට් තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයින් සිව්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසින් සිදුකළ පරීක්ෂාවකදීයි.

ඉන්දියාවේ සිට ගුවන් මඟින් මෙරටට පැමිණි ඉන්දියන් ජාතික පුද්ගලයින් සිව්දෙනෙකු තම ඇඳුම් අතර සූක්ෂම ලෙස සඟවා මෙම රන් බිස්කට් තොගය ගෙනවිත් තිබෙනවා.

ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය සිදුකළ පරීක්ෂාවකදී සැකකරුවන් සතුව තිබූ රන් බිස්කට් 16ක් සොයා ගැනුණා.

කටුනායක ගුවන්තොටුපොල රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයලත් සඳහන් කළේ කිලෝ 1 ග්‍රෑම් 66ක් බරැති රන් බිස්කට් තොගයේ වටිනාකම එක්කෝටි දහතුන්ලක්ෂ 72000ක් පමණ වන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site