Home News Breaking රවීට සංචාරක සිවිල් ගුවන්සේවා – විජේදාසට උසස් අධ්‍යාපන?

රවීට සංචාරක සිවිල් ගුවන්සේවා – විජේදාසට උසස් අධ්‍යාපන?

1,037 views

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට මහාමර්ග හා උස්ස අධ්‍යාපන අමාත්‍ය ධූරය හිමිවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයකට සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ලබා දෙන බව පසුගිය කාලය තුළ මත පළ වුවත් ඊයේ(30) රාත්‍රී වන තෙක් මේ පිළිබඳ අවසන් තිරණයකට එලඹ නොමැති බව වාර්තා වනවා.

මේ අතර නව අමාත්‍ය මණ්ඩලය අද(01) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

අද පෙරවරු 10.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

පෙරවරු 9.30ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස මැති ඇමතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

නව අමාත්‍ය මණ්ඩල දිවුරුම්දීමේ දී දැනට අමාත්‍යධුර දරණ අමාත්‍යවරුන්ගේ විෂයන්වල වෙනස්කම් සිදුවිය හැකි බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ අමාත්‍ය ධුර සඳහා නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පත් කිරීම ද අද දිනයේ සිදුවනු ඇත.

විද්‍යානුකූල පදනමක් මත නව අමාත්‍ය මණ්ඩලය පත් කරන බවට පසුගියදා පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site