Home News Breaking රහසිගතව පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි

රහසිගතව පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි

886 views

රහසිගතව ලදු කැලෑවක් තුළ පවත්වා ගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට මාරවිල පොලීසියේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

මාරවිල පොලිස් වසමේ කටුනේරිය – දෙමටපිටිය ප්‍රදේශයේ හැමිල්ටන් ඇළට යාබදව ඇති ලදු කැලෑවක් තුළ මෙම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගොස් තිබුණා.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට කඩා වදින විට පුද්ගලයින් දෙදෙනෙකු කසිප්පු නිෂ්පාදනය කිරීමට සුදානම් වෙමින් සිට තිබුණා.

ඔවුන් දෙදෙනාව වැටලීම කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් කටුනේරිය – දෙමටපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

එම කසිප්පු නිෂ්පාදනාගාරයේ තිබී ගෝඩා ඩ්‍රෑම්ස් 25,600 ක්,බැරල් 04 ක්, ප්ලාස්ටික් කෑන් 24 ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා සහ උපකරණ මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මාරවිල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්.ප්‍රියන්ත,උප පොලිස් පරීක්ෂකවරුන් වන ගයාන් පුෂ්ප කුමාර සහ පෙරේරා යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site