Home News Breaking රාජ්‍ය අමත්‍ය විජයකලා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමත්‍ය විජයකලා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

699 views

ළමා කටයුතු රාජ්‍ය අමත්‍ය විජයකලා මහේෂ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් පසුගියදා යාපනය ප්‍රදේශයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඇයට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු බවට පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වුණා.

අදාළ ප්‍රකාශය පිළිබඳ කරුණු විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ(04) දිනයේ රාජ්‍ය අමාත්‍යවරිය අරලියගහ මන්දිරයට කැඳවා තිබුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුවයි ඇය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site