Home News Breaking රාජිතගෙන් ඩෙංගු මඩින්න 1,500කට නව රැකියා

රාජිතගෙන් ඩෙංගු මඩින්න 1,500කට නව රැකියා

723 views

ඩෙංගු මදුරු මර්දන සහයකයින් 200 කට පත්වීම් ලිපි ප්‍රධානය බොරැල්ල කාසල් රෝහලේ ශ්‍රවණාගාරයේ දී සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ “2016 සහ 2017 වර්ෂවල ඇද හැලුණු වර්ෂාව සහ ගං වතුර ඩෙංගු ව්‍යාප්තියට බලපා තිබෙන බවත් එම වසංගතය ඉතාම කෙටි කාලයකින් මර්දනය කිරීමට හැකියාව ලැබුණු බවත් එම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේද පැසසුමට ලක්වූ බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා

“ඩෙංගු මදුරු මර්දන සහයකයන් 1,500 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට මම කටයුතු කලා. වාහන 50 ක් මෙන්ම ජර්මනියෙන් ආනයනය කල දුමායන යන්ත්‍ර 507 ක්ද ලබා දුන්නා. දුමායන වැඩපිළිවෙල නිසි අයුරින් සිදුවීම නිසා ඩෙංගු රෝග ව්‍යාප්තිය 90% කින් අඩු වුණා. ඩෙංගු සහ HIV පාලනය කිරීම සඳහා වැඩපිලිවෙලක් දියත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවයේ කම්කරු පත්වීම් වලට උපාධිධාරීන්ද අයදුම් කරනවා. එම තනතුරේ සිට ඉහළට යාමට එම උපාධිධාරීන් තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ලක්ෂ 9.5 ක් පමණ වන රැකියා විරහිත වූවන්ගෙන් මෙවන් හෝ රැකියාවක් ඔබට ලැබීම අගය කල යුතුයි. එය වාසනාවක්ද වනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6 සම්මාන 2 ක් නොමැති අයට තමයි මෙම රැකියාව හිමි වන්නේ. ඒ සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ලබා ගත්තා. ඩෙංගු මර්ධනය සඳහා කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන්න. රාජකාරිය අකුරටම සිදු කරන්න.” යනුවෙන් කියා සිටියා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය B.G.S. ගුණතිලක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩොනල්ඩ් මුරගේ, ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ හසිත තිසේරා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site