Home News Breaking රැකියා විරහිත උපාධිධාරීන් අද කොළඹට රැස්වෙයි

රැකියා විරහිත උපාධිධාරීන් අද කොළඹට රැස්වෙයි

852 views

සුදුසුකම් සපුරා ඇති සියලූම උපාධිධාරීන්ට කප්පාදුවකින් තොරව පොරොන්දු වූ පරිදි කඩිනමින් රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් අද(06) දින කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා.

දවල් 12.00 ට මෙය පැවැත්වීමට තීරණය කර ඇති බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය පවසනවා.

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් රැකියා විරහිත උපාධිධාරීන් 57000 ක් හඳුනා ගෙන තිබුණු බවත්, පදනමකින් තොරව ඉන් 20000 ක් පමණක් බඳවා ගන්නා බව පවසමින් සම්මුඛ පරීක්‍ෂණ සිදු කල ද තෝරාගත් 20000 ජූනි මස මුල් සතිය තුළ සංවර්ධන නිලධාරීන් තනතුර සඳහා බඳවාගන්නා බවට ප‍්‍රකාශ පොරොන්දු වී ඇති බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

නමුත් මේ වන විට 20000 න් 5000 ක් ජූලි මස හා ඉතිරි සැප්තැම්බර් මස ලෙස මෙය තීරණය කර ඇති බවත් මේ ආකාරයෙන් විවිධ අවස්ථාවලදී විවිධ ලෙස ක‍්‍රියා කිරීමෙන් ආණ්ඩුව උපාධිධාරීන් පිරිසකට රැකියා අවස්ථා ලබාදී පිරිසකට එම අවස්ථාව අහිමි කිරීමට ක‍්‍රියා කරමින් සිටින බවට ද ඔවුන් චෝදනා නගනවා.

එම උත්සාහය පරදවා සුදුසුකම් සපුරා ඇති සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස බල කරමින් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය විසින් රැකියා විරහිත උපාධිධාරී සංගමය හා ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site