Home News Breaking රියදුරු ගස් බැඳ ඉරිඟු ලොරියක් පැහැරගෙන ගිහින්

රියදුරු ගස් බැඳ ඉරිඟු ලොරියක් පැහැරගෙන ගිහින්

265 views

මොණරාගල තණමල්විල සෙවනගල පොලිස් බල ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී රුපියල් ලක්ෂ ගනනක් වටිනා බඩඉරිඟු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවට සෙවනගල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙම ලොරි රථය තණමල්විල උඩවළව මාර්ගයේ ධාවනය වෙමින් තිබී ඇති අතර එහි තිබූ බඩඉරිඟු සියඹලාණ්ඩුව සිට කොළඹ ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කරමින් ඇති බව සඳහන්.

පැහැරගත් පුද්ගලයන් විසින් ලොරි රථයේ රියදුරු ගහක බැඳ ලොරි රථය රැගෙන පලා ගොස් තිබෙනවා.

මේ වන විටත් ලොරි රථය සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් අනාවරණය වී නොමැති අතර සෙවනගල පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site