Home News Breaking රියදුරු බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදයේ වෙනසක්

රියදුරු බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදයේ වෙනසක්

SHARE

රියදුරු බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීමට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ අවධානය යොමුව තිබෙනවා.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීම ඒකාධිකාරයක් යටතේ සිදු වීම නිසා යම් යම් අක්‍රමිකතා සිදු වන බවට මහජන විවේචන එල්ල වී ඇති බවත්, එම තත්ත්වය විනයගරුක රියදුරන් බිහි කිරීමට බාධාවක් වී ඇති බවයි මෙහිදී ඔහු පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන්ට අමතරව, සුදුසුකම් සහිත වෙනත් පාර්ශ්ව හඳුනාගැනීමට මෙහිදී යෝජනා වී තිබෙනවා.

මේ සඳහා සුදුසු ක්‍රමවේදයක් අධ්‍යනය කර වාර්තාවක් ලබාගැනීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍යවරයා ගෙනා යෝජනාවට ඇමති මණ්ඩලයේ ද අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site