Home News Breaking රිය අනතුරකින් මෝටර් රථයක් ගිනිගනියි

රිය අනතුරකින් මෝටර් රථයක් ගිනිගනියි

594 views

තංගල්ල – අගුණුකොළපැලැස්ස – ඇඹිලිපිටිය මාර්ගයේ කට්ටකඩුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (13) රාත්‍රියේ සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ තංගල්ල කට්ටකඩුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පස් දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු සිය නිවස ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටියදීයි මේ අනතුර සිදුව ඇත්තේ.

අනතුර සිදුකල හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථය පලා යාමට තැත්කල අවස්ථාවේදී ඊට ඉඩ නොදුන් කිසියම් පිරිසක් මෝටර් රථයට ගිනි තබා තිබෙනවා.

එම මෝටර් රථය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුකල මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර පිළිබඳව හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site