Home News Breaking රිය අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

රිය අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

SHARE

ගිරාදුරුකෝට්ටේ සහ පිටිගල ප්‍රදේශවල සිදු වූ අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගිරාදුරුකෝට්ටේ, කෝනගස් හන්දිය ප්‍රදේශයේදී මාර්ගය අයිනේ ගමන් කළ පුද්ගලයෙකු ද යතුරුපැදියක ගැටී තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ගිරාදුරුකෝට්ටේ රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.

වයස අවරුදු හැට තුනක් වූ ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මේ අතර පිටිගල, කැටන්දොළ ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරුක් සිදුවී තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ජීවිත්ෂයට පත්ව තිබෙනවා. වයස අවරුදු දාහතක් වූ ඔහු කරුවලතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

යතුරුපැදියේ ගමන් ගත් අනෙක් පුද්ගලයාද බරතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

 

Comments

comments