Home News Breaking රුපියල අවප්‍රමාණයවීම වලකිනු ඇත – මහ බැංකුව

රුපියල අවප්‍රමාණයවීම වලකිනු ඇත – මහ බැංකුව

902 views

ඉදිරි මාස දෙක තුනක කාලය තුළදී හම්බන්තොට වරායේ අවසාන ගෙවීම වශයෙන් මුදල් ලැබීමත් රටට මුදල් ගලා ඒමත් මඟින් රුපියල් තවදුරටත් අව ප්‍රමාණය වීම වලකිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

2017 වාර්ෂික මහ බැංකු වාර්තාව නිකුත් කිරීම වෙනුවෙන් ඊයේ(26) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති අචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළේ විනිමය අනුපාත තීරණයවීම වෙළෙඳපල මත සිදුවීමට ඉඩහැර ඇති බවයි.

ඒ සඳහා මහ බැංකුව අඩු මැදිහත්වීමක් දක්වා ඇති බව ඔහු ප්‍රකාශ කළා.

එහෙත් කවුරුන් හෝ එය අවප්‍රමාණය කිරීමට උත්සහ දරන්නේ නම් විදේශ විනිමය අනුපාතය නියත අගයේ පවත්වා ගැනීමට මැදිහත් වන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව වෙනස් වුවද විදේශ ණය සම්බන්ධයෙන් ගැටළුවක් නොවන බව මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site