Home News Breaking රෝහල්ගතවී සිටි තරුණියක් ලැගුම්හලකට ගෙන ගොස් අතවර කල PC සොයා පරීක්ෂණ

රෝහල්ගතවී සිටි තරුණියක් ලැගුම්හලකට ගෙන ගොස් අතවර කල PC සොයා පරීක්ෂණ

SHARE

ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි මියන්මාර් ජාතික තරුණියකට අතවර කළ පොලිස් කොස්තාපල්වරයෙක් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාළ 21 හැවිරිදි තරුණිය පසුගිය 17 වනදා මිරිහාන ආගමන විගමන රැඳවුම් කඳවුරට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව එම තරුණිය අසනීප තත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ මධ්‍යස්ථානයේදී ඇතිකරගත් සම්බන්ධතාවකට අනුව පාදුක්ක පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙක් කළුබෝවිල රෝහලට පැමිණ ඇත්තේ ඇය බැලීම සඳහායි.

අනතුරුව එම පොලිස් කොස්තාපල්වරයා විසින් එම තරුණිය රෝහලෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා.

පසුව අදාල නිලධාරියා එම තරුණිය තාවකාලික ලැගුම්හලකට රැගෙනගොස් ලිංගික අතවර සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

ඊට පසුදින අදාළ තරුණිය නැවත රෝහලට ඇතුල්වී ඇත්තේ ප්‍රතිකාර සඳහායි.

පසුව අදාළ සිදුවීම පිළිබඳව තරුණිය කළ හෙළිදරව්වකට අනුව පොලිසිය විසින් අදාළ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site