Home News Breaking රෝහලේදී සැමියා තම බිරිඳට බලහත්කාරයෙන් කරපු දේ මෙන්න

රෝහලේදී සැමියා තම බිරිඳට බලහත්කාරයෙන් කරපු දේ මෙන්න

1,034 views

රෝහලේදී තම බිරිඳට බලෙන් වස පෙවූ සැමියෙකු අප්‍රේල් 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගතකරන ලෙස තෙල්දෙනිය අධිකරණය නියෝග කළා.

සැකකරු තෙල්දෙනිය වැඩබලන මහෙස්‌ත්‍රාත් සරත් ප්‍රේමකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හුන්නස්‌ගිරියේ දේමිත්තගම පදිංචිකරුවකු වූ 22 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ බිරිඳ වන 19 හැවිරිදි තරුණිය පසුගියදා සිය සොහොයුරිය සමඟ උඩුදුම්බර රෝහලට පැමිණි අවස්ථාවේදීයි මෙම සිදුවීම වී ඇත්තේ.

මොවුන් දෙදෙනා අතර ඇතිවූ ආදර සම්බන්ධතාවයකින් පසුව මීට වසර දෙකකට පමණ පෙර විවාහ වී තිබෙනවා.

එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට වයස අවුරුදු එකහමාරක පමණ කුඩා දරුවෙක්ද සිටිනවා.

පසුව මීට මාස 6 කට පමණ පෙර ඔවුන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් සැමියා සහ බිරිඳ වෙන්ව තම මව්පියන්ගේ නිවෙස්වල ජීවත්ව සිට ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පසුගියදා තම බිරිඳ රෝහලට පැමිණි බව දැනගත් මෙම සැකකාර සැමියාද එදින රෝහල වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු ඇයට පවසා ඇත්තේ පෞද්ගලිකව කතා කිරීමට අවශ්‍ය බැවින් වෙනත් ස්ථානයකට පැමිණෙන ලෙසයි.

ඒ අනුව බිරිඳද රෝහල තුල සැමියා පැවසූ ස්ථානයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ සැකකරු විසින් තමන් දික්කසාද නොකරන ලෙසත් තමන් සමඟ එකටම සිටින ලෙසත් පවසා ඇති බවයි පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ.

පසුව එහිදී ඇතිවූ ආරවුලකින් අනතුරුව එක්වරම සැමියා විසින් තම සාක්කුවක සඟවාගෙන සිටි වස බෝතලයක් ගෙන බලහත්කාරයෙන් බිරිඳගේ මුවට හලා තිබෙනවා.

එහිදී ඇයට වස පෙවී ඇති අතර කඩිනමින් ක්‍රියාත්මක වූ රෝහල් සේවකයන් ඇයව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බවයි වාර්තා වන්නේ.

අනතුරුව අසාධ්‍ය තත්වයේ පසුවූ එම බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුල් කර තිබෙනවා.

පසුව වහාම ක්‍රියාත්මක වූ තෙල්දෙණිය පොලිසියේ ස්‌ථානාධිපති පො.ප. කේ.එම්.බී.එන්. කාංගර මහතාගේ උපදෙස් අනුව සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site