Home News Breaking ලංකාවට පැමිණි බ්‍රිගේඩියර් ප්‍රියංක කටුනායක ගුවන්තොටුපලෙන් පන්නයි

ලංකාවට පැමිණි බ්‍රිගේඩියර් ප්‍රියංක කටුනායක ගුවන්තොටුපලෙන් පන්නයි

9,398 views

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට කළ කැඳවීමකට අනුව ඔහු දිවයිනට පැමිණියා.

ඊයේ පස්වරු 12.33ට පමණ ලන්ඩනයේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණ ඇති අතර එහිදී ඔහුව මාධ්‍යට වසන් කරමින් කළු විදුරු සහිත වාහනයකින් රැගෙන ගොස් තිබෙනවා.

මෙලෙස ඔහුව රැගෙන ගොස් ඇත්තේ හමුදා නිලධාරින් සමග පැමිණි යුධ හමුදා රථයක බව පැවසෙනවා.

නිදහස් දිනයදා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ LTTE හිතවාදීන් පිරිසකට ගෙළ පෙන්වා සංඥාවක් කිරීමේ සිද්ධිය හේතුවෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳව කතා බහක් ඇති වුණා.

පසුව ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ බව විදේශ අමාත්‍යාංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලත් පසුව ජනාධිපතිවරයාගේ නියෝගය මත ඔහු යලි එම සේවයේ පිහිටුවනු ලැබුවා.

කෙසේ වෙතත් ඔහුව යලි මෙරටට ගෙන්වා ගැනීමට මෙරට බලධාරීන් කටයුතු කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site