Home News Breaking ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

126 views

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මඟින් අලෙවි කරන ඉන්ධන මිළ ගණන් ද ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 146 දක්වා ද එක්ස්ට්‍රා ප්‍රිමියම් (EURO 4) 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 158 දක්වා ද ඉහළ නංවා තිබෙනවා.

එක්ස්ට්‍රා ප්‍රිමියම්(EURO 3) පෙට්‍රල් ලීටරයක් රුපියල් 149 දක්වා ද ඉහළ නංවා තිබෙනවා.

ඔටෝ ඩීසල් ලීටර්යක් රුපියල් 118ක් වශයෙන් ද එක්ස්ට්‍රා මිලි ඩිසල් ලීටරයක් රුපියල් 122ක් වශයෙන් ද මිල ඉහළ නංවා ඇති අතර සුපිරි ඩිසල් (EURO 4) ලීටරයක් රුපියල් 129ක් වශයෙන් ද මිල ඉහළ නංවන බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ප්‍රකාශ කළා.

මේ අතර ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ඊයේ(06) මධ්‍යම රාත්‍රී සිට ඉහළ නංවා තිබුණා.

ඒ අනුව ඔක්ටේන් 92ක වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින් ද ඩීසල් ලීටරයක් රුපියල් 09කින් ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ද ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව රුපියල් 137ක්ව පැවැති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 145 දක්වා ඉහළ ගොස් ඇති අතර, රුපියල් 148ක් ලෙස මිල පැවැති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 155 දක්වා ඉහළ නංවා ඇති බව ඛණිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කළා.

මිල ඉහළ නැංවිමෙන් පසු ඩීසල් ලීටරයක් රුපියල් 118ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 129ක් වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site