Home News Breaking ලක්ෂපාන නිසා කැළණි ගංඟේ ජල මට්ටම ඉහළට PHOTOS

ලක්ෂපාන නිසා කැළණි ගංඟේ ජල මට්ටම ඉහළට PHOTOS

633 views

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට තව දුරටත් කඩින් කඩ අධික වර්ෂාව ලැබිම නිසා ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටුවක් ඊයේ (14.10) රාති‍්‍ර සිට විවෘත කර තිබෙනවා.

තව දුරටත් එම ජල පෝෂක ප‍්‍රදේශවලට අධික වර්ෂාව ලැබුණහොත් එම ජලාශයේ වාන්දොරටු ස්වයංකි‍්‍රයව විවෘත වන නිසා ජලාශයේ වේල්ලට පහලින් ගඟ පරිහරනය කරන අය සැලකිලිමත් ලෙස සිටින ලෙස ඉහළ කොත්මලේ ජලාශයේ ඉංජිනේරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර අධික වර්ෂාවත් සමග කැනියොන් ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කර ඇති අතර විමලසුරේන්ද්‍ර ජලාශය ඊයේ (14.10) පස්වරුවේ සිට වාන් දැමිමට පටන්ගෙන තිබෙනවා.

ලක්‍ෂපාන ජලාශයේ විවෘත කර තිබු වාන්දොරටු මේ වන විටවසා දමා ඇති අතර තව දුරටත් වැසි ලැබුන හොත් එම ජලාශයේ වාන්දොරටු විවෘත කිරිමට සිදුවන බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ. ප‍්‍රදේශයේ පවතින අයහපත් කාළගුණය නිසා වරින්වර හැටන් නගරයේ විදුලියද විසන්ධි වන බව සදහන්.

විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගැනීමත් සමග එම ජලාශයේ වාන්දොරටු දෙකක විවෘත කිරිමත් සමගම කැළණී ගඟේ ජල මටිටම තරමක් ඉහළයා හැකි බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

මේ අතර හැටන් නෝටන්බි‍්‍රජ් ප‍්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශයට පහලින් ඔස්බොන්වත්ත ප‍්‍රදේශයේදි ප‍්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණහිට ඇති බව නෝටන්බි‍්‍රජ් පොලිසිය පවසනවා.

මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ධාවනය කරවන වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස නෝටන්බි‍්‍රජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

නෝටන්බි‍්‍රජ් මස්කෙළිය ප‍්‍රධාන මාර්ගයේ ටේබර්ටන් පහේ කණුව ප‍්‍රදේශයේදි ප‍්‍රධාන මාර්ගයට විශාල මාර ගසක් කඩා වැටිමෙන් මාර්ගයේ ගමනා ගමනයද ඇණි හිට ඇති බවයි මස්කෙළිය පොලිසිය පවසන්නේ.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ද විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site