Home C Daily Horoscope ලග්න කිහිපයකට ධන වාසි ලැබෙද්දී තවත් ලග්න කිහිපයකට අශුභ වෙයි – උදාවන...

ලග්න කිහිපයකට ධන වාසි ලැබෙද්දී තවත් ලග්න කිහිපයකට අශුභ වෙයි – උදාවන අවුරුද්ද ඔබට කොහොම වෙයිද ?

69,842 views

මේෂ

ලග්නයට යෝග කාරක වන බ්‍රහස්පති හත් වැන්නෙහි ගමන් කිරීම ශුභදායක වන අතර සෙනසුරු 10 අධිපති ලෙස නවවැන්නේ ගමන් කිරීමද එක් අතකින් යහපත් කරුණකි. මෙම කරුණු සම්බන්ධයෙන් සැලකීමේදී තම අරමුණු කිසියම් ප්‍රමාණයකින් සාර්ථක කර ගැනීමේ හැකියාව ලැබේ. ගුරු අට වැන්නේ ගමන් කිරීම 2018.10.11 සිට යෙදුණත් රාශි දෘෂ්ටිය පරිදි ගුරු ලග්නය දැකීම නිසා බරපතළ අයහපත් ප්‍රතිඵල නොලැබේ.

රැකියාව – රැකියාව සම්බන්ධයෙන් අයහපත් තත්ත්වයක් ඇති නොකරයි. ධනය සම්බන්ධයෙන් ද යහපත් වාතාවරණයක් උදා කරයි.

යුග සැපත – ගුරුට යහපත් ගෝචරයක් වන 7 වැන්නේ ගමන් කිරීම යුග සැපත සම්බන්ධයෙන් ශුභදායක කරුණකි. කෙසේ වුවත් රාහු, කේතුගේ ගමන පරිදි ඥාති බන්ධූන් සමග යම් යම් ප්‍රශ්න ඇති කළ හැක.

අධ්‍යාපනය – තමන් මුහුණ දෙන විභාගවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව ලැබේ.

සෞඛ්‍යය – දැඩි අසහනකාරී බවක් ඇති නොකළත් පෙණහලු ආශ්‍රිත පීඩා උද්ගත කළ හැක.

වෘෂභ

ලග්නාධිපති සිකුරු දොළොස් වැන්නේ ගමන් කරමින් සිටියදී වසර ආරම්භ කරන අතර ශනි, කුජ අට වැන්නේ ගමන් කරයි. මෙය අර්බුද ගැටලු ප්‍රශ්න ඉස්මතු කරන ග්‍රහ පිහිටීමකි. ඒරාෂ්ටකයක් උදා කරමින් සෙනසුරු අට වැන්නේ ගමන් කිරීම හේතුවෙන් යම් යම් යහපත් දේ විය හැකි වුවත් ඒ සියල්ලම සිදු වනුයේ ප්‍රශ්නවලින් යුක්තවය.

රැකියාව – රැකියා භාවාධිපති සෙනසුරු මුළු වර්ෂය පුරාම අට වැන්නේ ගමන් කරයි. උප්පත්ති ග්‍රහ බලය යහපත් නොවුණහොත් රැකියා කටයුතු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති කළ හැක. ආයාසයෙන් ආදායම වර්ධනය කර ගැනීමට සිදු වේ.

යුග සැපත – ශුභා ශුභ මිශ්‍ර වසරකි. සෙනසුරු අට වැන්නේ ගමන් කිරීම ඊට බලපාන එක්තරා කාරණයකි.

අධ්‍යාපනය – සෙනසුරු නවය අධිපති වශයෙන් අටවැන්නේ සිටීම හා 5 වැන්න දැකීම හේතුවෙන් උනන්දුව හීන කරයි. සාර්ථකත්වයක් ලබාගැනීමට නම් දැඩි වෙහෙසක් දැරීමට සිදු වේ.

සෞඛ්‍යය – මූත්‍රා ආබාධ, රුධිර පීඩනය, හන්දිපත් රෝග හා හදිසි අනතුරු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.

මිථුන

ලග්නාධිපති බුධ දහවැන්නේ නිවෘතව ගමන් කරයි. බ්‍රහස්පති 5 වැන්නෙහි ත්‍රිකෝණගත වෙමින් ලග්නය දකිනු ඇත. සෙනසුරු 7 වැන්නේ ගමන් කළත් ලග්නාධිපතිගේ මිත්‍රයා වශයෙන් හා භාග්‍ය ස්ථානාධිපති වශයෙන් ගමන් කිරීම අහිතකර නැත. තමාට හිතකර දෑ සිදුවන වසරකි. එහෙත් 2018.10.11 සිට බ්‍රහස්පති හය වැන්නට ගමන් කිරීම නිසා ගැටලු ඉස්මතු විය හැක.

රැකියාව – රැකියා කටයුතුවල යහපත් බවක් ඇති කරයි. මත ගැටුම් ගැන කල්පනාකාරී වන්න. මුදල් ඉතිරිය අපහසු වේ.

යුග සැපත – ශනි 7 වැන්නේ ගමන් කරන අතරම රාහු, කේතු කුටුම්භස්ථානයේ සහ සුමංගල ස්ථානයේ ගමන් කිරීම හේතුවෙන් යුග සැපතෙහි සහනශීලී බව අඩු කරයි.

අධ්‍යාපනය – බ්‍රහස්පතිගේ ගමන අහිතකර නැත. විභාග ජයග්‍රහණ සම්බන්ධයෙන් හිතකර බවක් පෙන්වයි.

සෞඛ්‍යය – රුධිර පීඩනය, මූත්‍රා ආබාධ, බඩවැල්වල අමාරු, උගුර බෙල්ල සම්බන්ධ පීඩා ඇති කළ හැක.

කටක

රාහු ලග්නය මත ගමන් කරයි. සෙනසුරු හා කුජ හය වැන්නේ ගමන් කිරීම යහපත් වන අතර ගුරු 4 වැන්නේ ගමන් කිරීම ද අයහපත්ම නැත. බොහෝ සෙයින් කල්පනාකාරී ලෙස ක්‍රියා කිරීමට පෙලඹේ. එනිසාම යම් යම් අතපසුවීම් යනාදියට මුහුණ පෑමට සිදුවිය හැක. මෙම ග්‍රහ ගමනට සාපේක්ෂව යම් යම් අභියෝගයන්ට මුහුණ දී සාර්ථකත්වය ලබා ගැනීමට සිදු වේ.

රැකියාව – සෙනසුරු කර්ම කාරක වශයෙන් ස්ථානගත බලයෙන් ගමන් කිරීම නිසා වෘත්තීය කටයුතුවල අභිවෘද්ධියක් ඇති කරයි. ධනය සම්බන්ධයෙන් ද යහපත් තත්ත්වයක් උදා කරයි.

යුග සැපත – ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් එතරම්ම ශුභදායක නොවේ. කේතු 7 ගමන් කිරීම යුග සැපතට බාධා ගෙන දෙන්නකි.

අධ්‍යාපනය – බ්‍රහස්පති උසස් අධ්‍යාපන භාවාධිපති වශයෙන් විද්‍යස්ථානයක් වන වැන්නේ ගමන් කිරීම තුළ ඉගෙනීමේ කටයුතුවල සාර්ථක ප්‍රතිඵල දැකිය හැක. රාහු ලග්නයේ ගමන් කරන නිසා උනන්දුවෙන් කටයුතු කිරීම අවශ්‍යයි.

සෞඛ්‍යය – සෙම් කෝප මුල් වූ රෝග, පෙණහලු ආශ්‍රිත පීඩා, පපුවට සම්බන්ධ අසහනතා ඇති කළ හැක.

සිංහ

ලග්නාධිපති රවි භාග්‍යස්ථානගතව උච්ඡව ගමන් කරමින් සහ සෙනසුරු 5 වැන්නේ ගමන් කරමින් වසර ආරම්භ වේ. බ්‍රහස්පති තුන්වැන්නේ ගමන් කරයි. බාධා ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ උත්සාහයෙන් සිය අභිමතාර්ථ සපල කරගනී. බ්‍රහස්පතිගේ මෙම ගමන සිතෙහි එක්තරා ආකාරයක පසුගාමී බවක් ඇති කිරීමට හේතු වේ. එහෙත් මෙම තත්ත්වය 2018.10.11 න් පසු තරමක් සමනය වේ.

රැකියාව – රැකියා කටයුතුවලදී එක්තරා මට්ටමක ප්‍රශ්නකාරී ගති ඇතිවිය හැක. ඉවසිලිවන්තව ක්‍රියාකිරීමෙන් මෙම තත්ත්වය වළකා ගත හැක. ආර්ථික අපහසුතා ඇති කළත් වසර අග වන විට සාර්ථකත්වයක් ලැබේ.

යුග සැපත – මධ්‍යස්ථ ඵලදායකයි. ගැටලුකාරී බවින් තොරව යුග දිවිය ගත කිරීමට අවකාශ පවතී.

අධ්‍යාපනය – මධ්‍යස්ථ ඵලදායක වසරකි. ඔක්තෝබර් 11 ගුරු ක්‍ෂේත්‍රගත වීමෙන් අධ්‍යාපනයේ ශුභදායක ප්‍රතිඵල ලබාගැනීමේ අවකාශයක් ඇති කරයි.

සෞඛ්‍යය – තදබල පීඩාවන් සෞඛ්‍යය කෙරෙහි ගෙන නොදුන්නත් සුළු සුළු දුර්වලතා ඇති කළ හැක.

කන්‍යා

බ්‍රහස්පතිගේ ගමන ශුභදායක වන අතර ලග්නාධිපති බුධහු හත්වැන්නේ ක්‍ෂේත්‍රගතව ගමන් කරයි. මෙම තත්ත්වයන්ට අනුව කිසියම් යහපත් වාතාවරණයකින් යුක්තව වැඩකටයුතු කිරීමේ අවස්ථාව උදා වේ. ජීවිතය තුළ සතුටුදායක අවස්ථාවන් කීපයක්ම උදා කරන වසරකි.

රැකියාව – රැකියා කාරක හා කර්ම කාරක සෙනසුරුගේ ගමන හා බ්‍රහස්පති යහපත්ව ගමන මත රැකියා කටයුතුවල සාර්ථකත්වයක් හිමිකර ගැනීමේ හැකියාව ලැබේ. ආර්ථික වශයෙන් පෙරට වඩා යහපත්ය.

යුග සැපත – විවාහය සම්බන්ධයෙන් අයහපත් නොවේ. කුටුම්භස්ථානගතව බ්‍රහස්පති ගමන් කිරීම යහපත්ය.

අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අයහපත් නොවේ. වෘත්තීය, අධ්‍යාපන භාවය වශයෙන් සලකන දෙවැන්නේ ගුරු ගමන් කිරීම මත අධ්‍යාපන කටයුතුවල වඩාත් හොඳ ප්‍රගතියක් ඇති කරයි.

සෞඛ්‍යය – මධ්‍යස්ථ සෞඛ්‍ය තත්ත්වයක් පවතී. කෙසේ නමුත් ශනි 4 ගමන් කිරීම නිසා සුළු සුළු ආබාධ ඇති කළ හැක.

තුලා

ලග්නාධිපති සිකුරු කේන්දරයේ හත්වැන්නේ ගමන් කරයි. ගුරු ලග්නගතව ගෝචරය වේ. හය වැන්නාධිපති මෙන්ම ලග්නාධිපතිගේ හතුරාද වන ගුරු අටෙන් අට අධිපති වී සතුරු රාශිගතව ලග්නයේම ගමන් කිරීම යහපත් නොවේ. මෙම ගුරුගේ ගමන නොයෙකුත් ආකාරයෙන් පීඩා ගෙන දීමට හේතු වේ. තමාගේම ක්‍රියා කලාපයන් හේතුවෙන් සතුරන්ගෙන් බාධා පැමිණීම මෙහි දුර්විපාකයකි. මෙම තත්ත්වය යම් ප්‍රමාණයකින් තුනී වනුයේ 2018.10.11න් පසුවයි.

රැකියාව – රැකියාව හා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සලකන කල ගුරුගේ ගමනම ඔබට හිතකර නොවේ. වෘත්තීය කටයුතුවල නියැළීමේ දී ප්‍රශ්න පිට ප්‍රශ්න මතුවිය හැක. වියදමට සරිලන ආදායමක් උපයා ගනී.

යුග සැපත – මධ්‍යස්ථ ඵලදායකයි.

අධ්‍යාපනය – යම් යම් ගැටලු ප්‍රශ්න, බාධා ඇති වුවත් බ්‍රහස්පති 5 වැන්න හා නව වැන්නට ත්‍රිකෝණගතව ගමන් කරන නිසා ශුභදායක ප්‍රතිඵල ලැබිය හැකි බව පෙනේ.

සෞඛ්‍යය – ලෙඩදුක් පීඩා සම්බන්ධයෙන් ශුභාශුභ මිශ්‍ර බවක් ඇති කරයි. උණ, සෙංගමාලය වැනි පීඩාවලට ඉඩකඩ ඇත.

වෘශ්චික

ලග්නාධිපති කුජ දෙවැන්නේ සෙනසුරු සමගින්ම ගමන් කරයි. ගුරු 12 ගමන් ගනී. මෙම වසරෙහි මුල් කාලයේ ග්‍රහ ගමන එතරම්ම ශුභඵලදායක බවක් නැතත් මුල් හය මාසයෙන් පසු වකවානුව පෙරට වඩා වැඩි සාර්ථකත්වයක් ලබනු ඇත. ගැටලු හා ප්‍රශ්නකාරී තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් තුනී වේ.

රැකියාව – රැකියාවේ වඩාත් හිතකර තත්ත්වයක් ඔක්තෝබර් 11දායින් පසුව උදා වේ. උසස්වීම්වලට ද ඉඩකඩ සැලසේ. අනවශ්‍ය දේ සඳහා වියදම් කිරීමට සිදුවිය හැක.

යුග සැපත – ගෙදරදොර කටයුතු මධ්‍යස්ථ පලදායකයි. කෙසේ වුවත් 2018.10.11න් පසු යුග සැපත සම්බන්ධයෙන්ද හිතකර ලක්ෂණ වඩ වඩාත් ඇති කරන බව කිව යුතුයි.

අධ්‍යාපනය – අශුභ නොවේ. කෙසේ වුවත් බුධ විද්‍යස්ථානාධිපති වශයෙන් ලග්නගතව බලවත් වන නිසා අධ්‍යාපන කටයුතුවල ඉතාම හොඳ ප්‍රතිඵල ලැබෙනුයේ මෙම වසරේ අගභාගයේ සිටයි.

සෞඛ්‍යය – මධ්‍යස්ථ පලදායකයි. වසරේ අගභාගයේ සිට සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත් වේ.

ධනු

ලග්නාධිපති බ්‍රහස්පති අයස්ථානගතව ගමන් කරමින් සිටියදී වසර ආරම්භ වන අතර ලග්නයේම ශනි හා කුජ ගමන් කරයි. යම් යම් ගැටලු බාධා ප්‍රශ්න සහිතව නමුදු අපේක්ෂිත අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ අවකාශ පවතී. ලාභස්ථානගතව සිටින බ්‍රහස්පති බොහෝ සෙයින් හිතකර වාතාවරණයක් ගොඩනගනු ඇත.

රැකියාව – කර්මස්ථානය හිමි බුධගේ ශුභ ගමන හා කර්මකාරක සෙනසුරුගේ පිහිටීම මත වෘත්තීය අංශයෙහි ශුභඵල උදා කරන බව කිව යුතුයි. ආර්ථික වශයෙන් සැලකිය යුතු වර්ධනයක් ඇති කරයි.

යුග සැපත – විවාහය සම්බන්ධයෙන් සැලකීමේදී සෞභාග්‍ය කාරක ගුරු ත්‍රිකෝණ දෘෂ්ටියෙන් හත්වැන්න දැකීම ඉතා යහපත්ය. එහෙත් රාහු කේතුගේ ගමන නිසා තම සහකරුට හෝ සහකාරියට ලෙඩ දුක් අසනීප ඇතිවීමේ ප්‍රවණතා පවතී.

අධ්‍යාපනය – ප්‍රඥාකාරක ගුරු 5 වැන්න දැකීම තුළ අධ්‍යාපනය සම්බන්ධයෙන් හිතකර වාතාවරණයක් ඇති කරයි. විභාග ජය ගනී.

සෞඛ්‍යය – රාහු, කේතු ගමන හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය එතරම්ම ශුභදායක නොවේ. තේරුම් ගැනීමට අපහසු රෝගාබාධ උද්ගත කිරීමේ අවකාශ පවතී.

මකර

ලග්නාධිපති සෙනසුරු 12 වැන්නේ ගමන් කළත් එය අශුභ යැයි කිව නොහැක. කේතු රාහු ආදීන්ගේ ගමනද සලකන කල බාධා, ගැටලු, ප්‍රශ්න රාශියක් නමුදු යහපත, අභිවෘද්ධිය සාර්ථකත්වය හිමිකර ගන්නේය. ලෙහෙසි පහසු නැතත් යහපත සලසා ගැනීම ස්ථිරය.

රැකියාව – කර්ම කාරක සෙනසුරු ලග්නාධිපතිත්වයද දරමින් ගුරුගේ රාශියක ගමන් කිරීම මත වෘත්තීය වශයෙන් අවබෝධය හා උනන්දුව සහිතව ක්‍රියා කරන කාලයකි. 2018.10.11 න් පසු වැඩි යහපතකට මග පාදයි. මුදල් ඉතිරිය ඉතා අපහසුයි.

යුග සැපත – මංගල භාවයෙහි රාහු ගමන් කරයි. රාහු විවාහස්ථානගතව ගමන් කිරීම එතරම්ම යහපත් නැත. තම සහකරු හෝ සහකාරියට ලෙඩදුක් ඇති කළ හැක.

අධ්‍යාපනය – ලග්නාධිපතිම ගුරුගේ රාශියේ ගමන් කිරීම මත අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් ඇති කරයි.

සෞඛ්‍යය – සෞඛ්‍ය තත්ත්වයෙහි එතරම්ම හිතකර බවක් කිව නොහැක. රාහු කේතු ආදීන්ගේ ගමන සෞඛ්‍යයට බාධා ගෙන දෙයි.

කුම්භ

ලග්නාධිපති සෙනසුරු අයස්ථානගතව ගමන් කරන අතර බ්‍රහස්පති එම රාශියට අධිපතියා වෙමින් භාග්‍යස්ථානයේය. රාහු උපචය භාව ගතව හයවැන්නේ සිටී. මෙම සියලුම කරුණු ඉතා යහපත්ය. මේ නිසා අපේක්ෂිත අරමුණු ඉෂ්ට සිද්ධ වෙමින් ජීවිතයේ සමෘද්ධියක් ඇති කිරීමේ ප්‍රවණතාවක් ගෙන දේ.

රැකියාව – රැකියාව සම්බන්ධයෙන් සැලකීමේ දී මෙම වසර අයහපත් යැයි කිව නොහැක. බොහෝ සේ සාර්ථකත්වයක් හිමිකරන අතර රැකියා තනතුරු හෝ ව්‍යාපාර කවර අංශයක නමුදු ප්‍රගතිය නිත්‍ය වශයෙන්ම උදා කරයි. ලෙහෙසියෙන් පහසුවෙන් ධනය උපයා ගනී.

යුග සැපත – බ්‍රහස්පති බලවත් ස්ථානගතව සිටිමින් ලග්නයට යහපත් බලපෑමක් එල්ල කිරීමත්, නෛසර්ගික පාපයන්ගෙන් කේන්දරයෙහි යහපත් බලපෑමට හානියක් නොවීමත් යන කාරණා යුග සැපතට හිතකර ලෙස බලපායි.

අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඉතාම හිතකර වාතාවරණයක් පවතී. උසස් අධ්‍යාපනය ඉහළින්ම සාර්ථක කරයි.

සෞඛ්‍යය – සෞඛ්‍ය තත්ත්වය අහිතකර නොවේ. ලෙඩදුක් පීඩාදියෙන් බොහෝ සෙයින් ඈත් වේ.

මීන

බ්‍රහස්පති ලග්නාධිපති ලෙස කේන්දරයේ අශුභම ස්ථානගතව අශුභ රාශියක ගමන් කරයි. මෙය හිතකර බවක් කිව නොහැකි තත්ත්වයකි. අටවැන්න වෙමින් ගුරු තම සතුරු සිකුරුගේ රාශිගතව ගමන් කරනුයේ ගැටලු, බාධා ප්‍රශ්න හා ඔළුවට කරදර ගෙන දෙන ව්‍යාකූලතා රාශියක් ඇති කරමිනි. තම තීරණ ක්‍රියාත්මක කිරීම අහිතකර ලෙස බලපානු ඇත. ඔක්තෝබර් 11 වන තෙක් මෙම බාධාකාරී තත්ත්වය පවතී.

රැකියාව – සෙනසුරු කර්මස්ථානගතව ගමන්කරයි. ඉතා උත්සාහයෙන් ඇපකැප වී ක්‍රියා කිරීමෙන් රැකියා කටයුතුවල යහපත සලසා ගන්නට සිදු වේ. එහෙත් වර්ෂයේ අග භාගය යහපති. මුදල් සම්බන්ධ ගැටලු ඇතිවිය හැක.

යුග සැපත – මධ්‍යස්ථ ඵලදායකයි.

අධ්‍යාපනය – මධ්‍යස්ථ ප්‍රතිඵල ගෙන දෙනු ඇත. උසස් අධ්‍යාපනයට කාරක භාවය වන නවවැන්නට පුත්‍රකාරක ගුරු පැමිණීම මත 2018.10.11න් පසුව අධ්‍යාපනයේ ප්‍රබෝධයක් ඇති කරයි.

සෞඛ්‍යය – සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවේ. යම් යම් අබල දුබලතා සහිතයි.

උපුටා ගැනීමකි

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site