Home News Breaking ලබන සිකුරාදා පාසල් වල උගන්වන්නේ නැති හේතුව මෙන්න

ලබන සිකුරාදා පාසල් වල උගන්වන්නේ නැති හේතුව මෙන්න

SHARE

ඩෙංගු රෝගය මර්දනය කිරිමේ අරමුණින් එළඹෙන සතියේ සිකුරාදා (28), සෙනසුරාදා (29) සහ ඉරිදා (30) යන තෙදින තුළ දිවයිනේ සියලුම පාසල්වල ඩෙංගු මර්දන පවිත්‍රතා වැඩසටහනක් සිදු කිරීමට කටයුතු සම්පාදනය කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව සිකුරාදා දිනයේ පාසල්වල අධ්‍යයන කටයුතු නොපවත්වන ලෙසත්, ඒ වෙනුවට එදින දරුවන්, දෙමව්පියන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයින් සහ අසල්වාසීන් ඇතුලු පාසල් ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් පාසල හා අවට පරිශ්‍රය පවිත්‍ර කිරීම සඳහා කටයුතු සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහාය ද හිමි වන බව සඳහන්.

සිකුරාදා දිනයේ පාසල් පැමිණෙන විට පාසල් නිල ඇඳුම හෝ ඒ වෙනුවට ශ්‍රමදාන කටයුතු සඳහා උචිත ආකාරයේ විනීත ඇඳුමකින් දරුවන්ට පාසල වෙත පැමිණිමට අවසර ලබාදීමට ද තීරණය වී තිබෙනවා.

ඒ වෙනුවෙන් සිදු කෙරෙන දූමායන කටයුතු සහ අනෙකුත් මදුරු මර්දන සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් සහ සෙසු අංශ සම්බන්ධීකරණය කිරීමේ කටයුතු විදුහල්පතිවරුන් හරහා සිදු කිරීමට ද තීරණය වී ඇති බව වාර්තා වනවා.

සිකුරාදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ‍මෙම තෙදින ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන පිළිබඳ වන චක්‍රලේඛය ඉදිරි දිනයේ දී නිකුත් කිරීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site