Home News Breaking ලබන 02 වනදා රටපුරා උද්ඝෝෂණ

ලබන 02 වනදා රටපුරා උද්ඝෝෂණ

SHARE

ලබන අගෝස්‌තු මස 02 වැනිදා ජාතික විරෝධතා දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර රජයට එරෙහිව රටපුරා විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වීමට සයිටම් විරෝධී ජනපවුර ව්‍යාපාරය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම, සයිටම් අහෝසි නොකිරීම, එට්‌කා ගිවිසුම, අතුරුදන් පනත, මැතිවරණ කල් දැමීම ඇතුළු ආණ්‌ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව මෙම විරෝධතා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්‌ෂ, ජනතා විමුක්‌ති පෙරමුණ, වෘත්තීයවේදී සංගම්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ශිෂ්‍ය ව්‍යාපාර රැසක්‌ එදින මෙම විරෝධතාවට එක්‌වීමට තීරණය කර ඇති බවයි උපාලි රත්නායක සඳහන් කළේ.

ප්‍රධාන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වැඩ වර්ජන හා ඒවා ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටත්, දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ප්‍රධාන නගරවල විරෝධතා පෙළපාලි හා ජනහමු පැවැත්වීමටත්, ආයතන මට්‌ටමින් කළු පටි පැළැඳ විරෝධය පළකිරීමටත් එදින කටයුතු කරන බවද ඔහු කියා සිටියා.

මෙම විරෝධතාවට එක්‌වීමට තව තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වෘත්තීය සමිති රැසක්‌ සාකච්ඡා කරමින් සිටින බවයි ඔහු වැඩි දුරටත් කියා
සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site