Home News Breaking ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ රහසිගත ප්‍රකාශයක් සිදු කරයි

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ රහසිගත ප්‍රකාශයක් සිදු කරයි

948 views

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව පොලිස් අත්අඩංගුවේ පසුවන ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එය සිදු කර ඇත්තේ ඊයේ(21) මහේස්ත්‍රාත් නිල මැදිරියේදීයි.

ඔහු ස්වේච්ඡාවෙන්ම මෙම ප්‍රකාශය සිදුකරන බව හේමන්ත අධිකාරි මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

පැය 3 කට ආසන්න කාලයක් මෙම ප්‍රකාශය සිදු කර ඇති බව සඳහන් වනවා.

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණවලට අදාළ ලිපි ගොණුවල පිටු කිහිපයක් ඉවත් කර ඇත්තේ ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීම යටතේ බවට රහස් පොලිසිය පසුගියදා අධිකරනයට කරුණු වාර්තා කර තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site