Home News Breaking ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වෙයි

ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වෙයි

SHARE

ලාංකික ශ්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳ දැඩි ඕනෑකමකින් සොයාබලන බව දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති මහාචාර්ය පාක් යොන් බුම් ඊයේ (28) කොළඹදී සඳහන් කළා.

මෙරටට පැමිණ සිටින දකුණූ කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ඊයේ (28) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණගැසීමෙන් පසු මෙම අදහස් පළ කරනු ලැබුවා.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක් මේ වන විට උදා කර දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තමන් සිය ස්තූතිය පළ කරන බවයි.

දැනට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 6000ක් පමණ වාර්ෂිකව දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා පිටත්ව යන අතර මේ වන විට ශ්‍රී ලාංකිකයින් 26 000ක් පමණ එරට සේවයේ නිරතව සිටින බවද ජනාධිපතිවරයා සිහිපත් කර තිබෙනවා.

දකුණු කොරියාවේ ගොඩනැඟිල්ලක සිදුවූ ගිනි ගැනීමකදී ශ්‍රී ලාංකික තරුණයකු කොරියානු කාන්තාවකගේ දිවි බේරා ගැනීමේ සිදුවීම පිළිබඳවද සභාපතිවරයා මෙහිදී සිහිපත් කර ඇති අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දක්ෂතා හා හැකියා පිළිබඳව දකුණු කොරියානු ජනතාව දැඩි ප්‍රසාදයකින් පසුවන බවද වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site