Home News Breaking ලැයිස්තුවෙන් සීතාවකට ගිය දොස්තරට නිවසත් අහිමි වෙයි

ලැයිස්තුවෙන් සීතාවකට ගිය දොස්තරට නිවසත් අහිමි වෙයි

SHARE

අද අලුයම 2 ට පමණ හංවැල්ල-කළුඅග්ගල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඇති වු ගින්නකින් එය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

වෛද්‍යවරයෙකුට හිමි නිවසක් වන මෙම නිවසේ ගින්න ඇති වීමත් සමඟ ප්‍රදේශවාසීන් එය මැඩ පැවැත්වීමට කටයුතු යොදා ඇති නමුත් එය ඉක්මනින් කර ගැනීමට නොහැකි වීමෙනුයි ගින්න ව්‍යාප්ත වී ගොස් ඇත්තේ.

ගින්න පාලනය කිරිම සඳහා හංවැල්ල පොලීසිය, හොරණ ගිනි නිවීමේ ඒකකය, යුද හමුදාව හා ප්‍රදේශවාසීන්ගේ සහය ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් ගින්න මැඩ පැවැත්වීමට යාමේ දී අසල්වැසියෙකුගේ ඇඟ මතට ගිනි නිවීමට ලක් වු නිවසේ බිත්තියක් කඩා වැටීමෙන් සුළු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කල බවටද වාර්තා වනවා.

ගිනි ගැනීමට ලක් වීමෙන් තමාට ලක්ෂ 50 කට අධික පාඩුවක් සිදුව ඇති බව නිවසෙහි හිමිකරු පවසනවා.

අදාළ වෛද්‍යවරයා මෙවර පළාත් පාලන මැතිවරණයට අත ලකුණින් සීතාවක ප්‍රාදේශිය සභාවට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වු අයෙක්ද වනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීමට කිසිදු දේශපාලනික සම්බන්ධතාවයක් නොමැති බවට තමා විශ්වාස කරන බවටයි ඔහු කියා සිටියේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Comments

comments