Home News Breaking ලොරි රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි PHOTOS

ලොරි රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි PHOTOS

1,944 views

වැල්ලවාය තනමල්විල මාර්ගයේ වත්ත ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (04) අලුයම සිදු වූ අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ගමන් ගත් ලොරි රථයක් සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිසක් ගමන් ගත් කාර් රථයක් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදු වන අවස්ථාවෙදී කාර් රථයේ පුද්ගලයන් හතර දෙනෙකු ගමන් ගෙන ඇති අතර ඉන් දෙදෙනකු බරපතළ තුවාල ලබා තිබෙනවා. කාර් රථයේ ළමුන් දෙදෙනකුද ගමන් කර ඇති බවද වාර්තා වනවා.

අනතුර සිදු වන අවස්ථාවේ ලොරි රථයේ පුද්ගලයන් පස්දෙනෙකු ගමන් ගෙන ඇති අතර එම පුද්ගලයන් පස් දෙනාම තුවාල ලබා ඇති බවද සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site