Home News Breaking වත්තේ වළකින් මතුවූ ගජමුතු වලට වුන දේ

වත්තේ වළකින් මතුවූ ගජමුතු වලට වුන දේ

1,332 views

රුපියල් කෝටි නවයකට අලෙවි කිරීමට ගෙන ආ ගජමුතු 8ක් සමග 39 හැවිරිදි පුද්ගලයෙක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (05) දහවල් අත් අඩංගූවට ගෙන තිබෙනවා.

හස්තියකුගේ දළයෙන් ලබා ගත් බව කියන ගජමුතු කිහිපයක් අලෙවි කිරීමට ඇති බවට හොරගොල්ල උද්‍යාන බාර නිලධාරී රෝහණ ප්‍රදීප්ට ලැබී ඇති රහසිගත තොරතුරක් මත මෙම වැටලීම කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ගජමුතු මිලදී ගන්නා මුවාවෙන් ගම්පහ මිරිස්වත්ත – වතුරුගම මාර්ගයේ නියම කරගත් ස්ථානයකට විකිණුම්කරු ගෙන්වා ගෙන තිබෙනවා.

එම ගජමුතු රුපියල් කෝටි නවයකට අලෙවි කරන බවට විකුණුම්කරු ගැණුම්කරුවන්ට පවසා තිබෙනවා.

ධනවත් ව්‍යාපාරිකයකුගේ නියෝජිතයකු ලෙස පෙනී සිටි රෝහණ මුදල් සියල්ල එකවර ලබාදෙන බව පවසමින් ක්‍රමයෙන් ගජමුතුවල මිල අඩුකරමින් රුපියල් කෝටි හතර හමාරකට මිල තීන්දු කර ධනවතාට ඒ බව දැනුම් දෙන අන්දමට ඇමතුමක් ලබා දී තිබුනා.

මේ අනුව ධනවත් ව්‍යාපාරිකයා හමුවීම සඳහා යාමට විකුණුම්කරු වාහනයකට නංවාගෙන ගම්පහ වනජීවී කාර්යාලය වෙත පැමිණි බවයි වර්තා වන්නේ.

මේ සමග ඉපැරණි පුරාවිද්‍යා සලකුණක් සහිත ගල් මංජුසාවක්ද හමුවී තිබෙනවා.

වතුපිටිවල රුග්ගහවිල ප්‍රදේශයෙහි පදිංචිකරුවකු බව කියන සැකකරුගෙන් මේ පිළිබදව ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ගෙවත්තෙහි වලක් හාරමින් සිටියදී මෙම මංජුසාව හමුවු බවත් ඒ තුළ ගජමුතු තිබු බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site