Home News Breaking වදක තනතුර සඳහා අයඳුම්පත් කැඳවයි

වදක තනතුර සඳහා අයඳුම්පත් කැඳවයි

171 views

‍බන්ධනාගාරයේ වදක තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවූවන්ට එම දඩුවම ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවීමත් සමඟ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබෙනවා.

2015 වසරේදී වදක තනතුර සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකු බඳවාගැනීමට කටයුතු කෙරුණද ඔවුන් එම තනතුර අත්හැර යාම හේතුවෙන් මේ වන විට වදක තනතුර පුරප්පාඩු වී පවතියි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව බන්ධනාගාරගතව සිටිමින් තවදුරටත් එම ජාවාරම්වලට පුළුල් වශයෙන් සම්බන්ධ වන පුද්ගලයින්ට මරණ දඩුවම ක්රිටයාත්මක කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (11) පැවති උත්සවයකදී සඳහන් කළා.

මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පුද්ගලයින් 19 දෙනෙකුට මරණ දඩුවම නියම වී ඇති නමුත් ඉන් කිහිපදෙනෙකු සිය දඩුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අභියාචනා ඉදිරිපත් නොකළ පුද්ගලයින් 13 දෙනෙකුගේ ලිපි ලේඛන මේ වන විට පරීක්ෂාකරමින් සිටින අතර විදේශිකයින් කිහිප දෙනෙකු ද ඒ අතර සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරී තුෂාර උපුල්දෙණිය සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site