Home News Breaking වර්ජනය නිසා තැපෑල නවතියි

වර්ජනය නිසා තැපෑල නවතියි

700 views

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් කටයුතු අඩාල වී ඇති බව තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ ඊයේ(11) පස්වරු 4.00ට ආරම්භ කළ වැඩ වර්ජනය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ සහය හිමිව ඇති බවයි.

සේවා ව්‍යවස්ථාවේ පවතින ගැටළුවලට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ පස්වරු 4.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණ පියවර ගනු ලැබුවා.

සිය ගැටළුවලට විසඳුම් ලැබෙන තුරු වර්ජනය අත්නොහරින බවචින්තක බණ්ඩාර සඳහන් කරනවා.

කෙසේවෙතත් තැපැල් සේවකයින්ගේ ගැටළුවලට විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව තැපැල් සේවා අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් සඳහන් කරනවා.

සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ ද එය වර්ජනයට බාධාවක් නොවන බව තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර වැඩිදුරටත් පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site