Home News Breaking වවුනියාවේ වෙළඳසැල් 32 කට විරුද්ධව නඩු

වවුනියාවේ වෙළඳසැල් 32 කට විරුද්ධව නඩු

890 views

වවුනියාව නගරයේ වෙළඳසැල් සියල්ලම පරීක්ෂා කළ සෞඛ්‍ය නිලධාරීන් වෙළෙඳසැල් 32 කට විරුද්ධව නඩු පවරා තිබෙනවා.

මෙම වෙළෙඳසැල් 32 අතර ආපන ශාලා 19 ක්, සිල්ලර වෙළඳසැල් 06 ක්, ෆාමසි 04 ක් හා සුපිරි වෙළඳසැල් 03 ක් ඇති බව වවුනියාව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඒ.එස්.ලවන් පවසනවා.

මහජන සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමට ආහාර පිළියෙල කිරීම, කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම, ආහාර ගබඩා කිරීමේදී නරක් වූ ආහාර වර්ග සමග සෙසු ආහාර ගබඩා කිරීම යන චෝදනා යටතේ මෙම වෙළෙඳසැල් 32 ට නඩු පවරා තිබුනා.

මේ වෙළෙද සැල් 32 අතරින් එක් වෙළෙද සැලක් තවදුරටත් පරීක්ෂා කිරීමට අවශ්‍ය නිසාත්,එම වෙළෙඳසැලට එරෙහිව පැමිණිලි කීපයක්ම ලැබී ඇති නිසාත් උසස් නිලධාරීන්ගේ උපදෙස් මත එම වෙළෙඳසැලට සීල් තැබූ බවද වෛද්‍ය ලවන් සඳහන් කළා.

දින පහක් තිස්සේ කළ මෙම පරීක්ෂා කිරීම් වලදී අපිළිවෙලකට ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම,විවෘත ස්ථානවල ආහාර ගබඩා කිරීම වැනි දේ සිදුකළ වෙළෙන්දන් 103 කට අවවාද කළ බවත් මීළඟ පරීක්ෂාවකදී ඔවුන් එම වරදවල් තවදුරටත් කරගෙන යන්නේ නම් ඔවුන්ට එරෙහිවද නඩු පවරණ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසනවා.

මෙම පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වී තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site