Home News Breaking වැඩිම වර්ෂාපතනය රත්නපුරෙන් – පහත්බිම්වල ජනතාවට අනතුරු ඇඟවීම්

වැඩිම වර්ෂාපතනය රත්නපුරෙන් – පහත්බිම්වල ජනතාවට අනතුරු ඇඟවීම්

282 views

දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව, සහ වයඹ පළාත්වලට අද (21) දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විටින් විට පැයට කිලෝමීටර් 40ත්, 45ත් අතර තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඊයේ (20) රාත්‍රී 9.30 වන විට වැඩිම වර්ෂාපතනය රත්නපුරයට ලැබී තිබූ අතර එය මිලිමීටර් 222.5ක්.

ඇහැළියගොඩට මිලිමීටර් 201.5ක සහ දෙහි ඕවිටට මිලිමීටර් 153.8ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. අරණායකට මිලිමීටර් 108ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

වර්ෂා තත්ත්වයත් සමඟ නිල්වලා, ගිං, කළු, කැළණි සහ බෙන්තර ගඟ මෙන්ම අත්තනගලුඔය සහ මාඔය ඇතැම් ස්ථානවලින් ගං වතුර මට්ටමට ළඟා වී ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ නිසා ගංඟා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබදව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙනවා.

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට ඉදිරි පැය 24 සදහා ද නාය යාමේ අනතුරු ඇගවීම ක්‍රියාත්මකයි.

ඒ අනුව රත්නපුර, කළුතර, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළේ රත්නපුර, කළුතර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල නාය යාම් ලක්ෂණ පෙන්නුම් කළ ස්ථානවලින් ජනතාව ඉවත් කළ බවයි.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site