Home News Breaking වැරදි තොරතුරු දුන්නොත් දඩුවම සැරයි – ආගමන විගමන පාලකවරයාට මතක් කරයි

වැරදි තොරතුරු දුන්නොත් දඩුවම සැරයි – ආගමන විගමන පාලකවරයාට මතක් කරයි

SHARE

“ආගමන විගමන පාලකවරයාට ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මා ඉල්ලා සිටියේ මට ලැබුණු විශ්වාසදායක තොරතුරක් මතයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වාර්තාවේ ගීතා කුමාරසිංහ හැර එවැනි ද්විත්ව පුරවැසිභාවයක් සහිත මන්ත‍්‍රීවරු නොමැති බව පවසනවා නම් මම එ් උත්තරය භාරගන්නවා.” යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ සඳහන් කරනවා.

“විශේෂයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ වැරදි තොරතුරක් සැපයීමට ලබාදෙන දඬුවම් මොනවාදැයි නිසි වැටහීමක් මේ නිලධාරීන්ට ද ඇතැයි කියා මා විශ්වාස කරනවා. එ් වගේම ද්විත්ව පුරවැසිභාවය තිබුණත් සමහර මන්ත‍්‍රීවරු එ් ගැන ආගමන විගමන පාලකවරයාට නොදන්වා සිටින්නට පුළුවන්. එ් නිසා ඉදිරියේදී මේ ගැන තවදුරටත් අප සොයාබලනවා.” යනුවෙන් ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ආගමන විගමන දෙපාර්තමේන්තුව කර ඇති මූලික පරීක්ෂණය සම්බන්ධයෙන් කළ විමසීමේදීයි මන්ත‍්‍රීවරයා මෙසේ කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site