Home News Breaking වික්ටර් රත්නායකගේ බිරිඳට ලැබුණු නියෝගය මෙන්න

වික්ටර් රත්නායකගේ බිරිඳට ලැබුණු නියෝගය මෙන්න

1,806 views

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වික්‌ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි අමෙන්ද්‍රා රත්නායක ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැරීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් මහිල් විඡේවීර 12 වැනිදා පස්‌වරුවේ නියෝග කර තිබෙන බවට වාර්තා වනවා.

තංගල්ල මහාධිකරණය විසින් කරන ලද නියෝගයක්‌ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත මුදාහළ සැකකාරියට විදේශ ගමන් වළක්‌වන නියෝගයක්‌ ද මහෙස්‌ත්‍රාත්වරයා එහිදී පනවනු ලැබුවා.

එම ඇපකරුවන් දෙදෙනා සැකකාරියගේ පවුලේ සමීප ඥාතීන් වියයුතු බවටද එහිදී කොන්දේසියක්‌ පැනවූ මහෙස්‌ත්‍රාත්වරයා ලබන 16 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාරියට නියෝග කළා.

එම සැකකාරිය වෙනුවෙන් ප්‍රතිශෝධන අයෑදුම්පතක්‌ ඉදිරිපත් කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල කළ කරුණු දැක්‌වීම් සලකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම සැකකාරියව ඇපමත මුදාහරින ලෙසට තංගල්ල මහෙස්‌ත්‍රාත්වරයාට නියෝග කොට තිබුණු අතර වෙනත් පාර්ශ්වයක්‌ විසින් තමන් සේවය කළ බැංකු ආයතනයේ උකස්‌ කොට තිබූ රන් ආභරණ තොගයක්‌ සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේයි ඇය රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site