Home News Breaking විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

1,820 views

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ ගැටළු පිළිබඳ මෙතෙක් බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හා සිය රාජකාරී වෙනත් සේවාවන් විසින් ආවරණය කිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

සිය ඉල්ලීම් ඉටු කරන ලෙස බලකරමින් ඔවුන් අද පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැය 4ක කාලයක් කොළඹ ජාතික රෝහලේ සේවයෙන් ඉවත්ව විරෝධතාවක නිරත වුණි.