Home News Breaking “විජයකලාට තවදුරටත් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කිසිදු අයිතියක් නැහැ” – විමල් කියයි

“විජයකලාට තවදුරටත් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කිසිදු අයිතියක් නැහැ” – විමල් කියයි

123 views

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම යන බරපතළ වරදවල් සිදු කර ඇති බැවින් ඇයට තවදුරටත් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කිසිදු අයිතියක් නොමැති බව විමල් වීරවංශ පවසනවා.

අද(02) පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ මෙසේ පැවසුවා.

“සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම දිවුරුම් දෙනවා, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න, ඒකීයභාවය රකින්න හා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය නොකර සිටින්න. විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය රාජ්‍ය අමාත්‍ය ධුරයක් ද දරනවා.

ඇය අමාත්‍යවරුන් දෙදෙනෙක් ද අසුන් ගෙන සිටි වේදිකාවක ‘එල්.ටී.ටී.ඊය නැවත ගොඩනඟන්න ඕනෙ’ කියා කීමෙන් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් සහ මේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝණය කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ නිසා ඇයට තවදුරටත් අයිතියක් නැහැ මේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට.

මේ ගරු සභාව තුළ ඉඳගෙන ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට කිසිසේත්ම ඉඩ දෙන්න බැහැ’ ඇතැම් අය කියනවා ‘එයා මේක හිතේ අමාරුවට කීවා’ කියා.

ඇයගේ හිතේ අමාරුවට වෙනත් දෙයක් කර ගන්න කියන්න.

මෙහිදී නිහඩව සිටීමට මේ මව් පොළවට ආදරය කරන කිසිවකුටත් බැහැ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site