Home News Breaking විජයකලාට සහය පළකරමින් යාපනය පුරා පෝස්ටර්

විජයකලාට සහය පළකරමින් යාපනය පුරා පෝස්ටර්

195 views

පෞද්ගලික ලාභ අපේක්‌ෂාවෙන් තොරව දෙමළ ජනතාවගේ අභිලාෂයන් හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි එකම දේශපාලන නායිකාව විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය බව කියමින් පසුගිය 06 දා සවස යාපනය පුරා පෝස්‌ටර් අලවා තිබෙනවා.

යාපනයේ අලවා තිබූ අදාළ පෝස්‌ටරයේ “ස්‌වයංලාභ නොමැති දේශපාලනය” යනුවෙන් තද කළු අකුරින් මාතෘකා ලියා තිබූ අතර පහළින් ලියා තිබුණේ “දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එදා ටී. මහේෂ්වරන් දිවි පිදුවා අද දෙමළ ජනතාවගේ නායිකාව වූ විජයකලා තමන්ගේ පදවිය පූජාකළා, කවදත් අපි ඔබ සමගයි දෙමළ කතා කරන ජනතාව” යනුවෙනි.

තවත් පෝස්‌ටරයක සඳහන්ව ඇත්තේ “දෙමළ ජනතාවගේ විමුක්‌තිකාමියා වූ ප්‍රභාකරන් වෙනුවෙන් කතා කළ විජයකලා ඇමැතිවරියට ඇමැති පදවිය අහෝසි වුවත් සියලු දෙමළ ජනතාව ඇය සමගයි යනුවෙනි.”

දෙමළ කතා කරන ජනතාව අදාළ පෝස්‌ටරයේ සංවිධායකයන් වශයෙන් හඳුන්වා දී තිබෙනවා. යාපනය බස්‌ නැවතුම්පළ ආසන්නයේ සහ අතුරු මාර්ග කිහිපයක මෙම පෝස්‌ටරය අලවා තිබු බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site