Home News Breaking විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුට උදවු කල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට වැඩ වරදියි

විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුට උදවු කල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට වැඩ වරදියි

SHARE

කයිට්ස් පුංකුඩුතීව් ප්‍රදේශයේදී විද්‍යා සිවනෝගනාදන් දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් නැමැත්තාට කොළඹට පැන යාමට ආධාර අනුබල ලබාදුන්නැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසම ඊයේ (20) අනුමැතිය ලබා දී තිබෙනවා.

ලලිත් ජයසිංහගේ වැඩ තහනම් කරන ලෙසට අනුමැතිය ඉල්ලා පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමට යොමු කර තිබූ ලිපියකට අනුව ඊයේ මෙම අනුමැතිය ලබාදුන් බව පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ සඳහන් කළා.

අද (21) දිනයේ ඔහුගේ වැඩ තහනම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site