Home News Breaking විද්‍යා සිසුවිය ඝාතන නඩුවට විජයකලාත් ගෑවෙයි

විද්‍යා සිසුවිය ඝාතන නඩුවට විජයකලාත් ගෑවෙයි

SHARE

ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ගම්වාසීන් විසින් විදුලිකනුවක බඳිනු ලැබ සිටිය දී පොලිසියට භාර නොදී මුදා හැරියේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන විමර්ශන ආරම්භ කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් රහස් පොලිසියට නියෝග කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ දැනට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහගේ නීතීඥවරුන් අධිකරණයේ කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගිනිමින්.

විද්‍යා ඝාතන නඩුවේ නව වැනි විත්තිකරු වන මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් ගම්වාසීන් විසින් අල්ලා විදුලි කණුවක බඳිනු ලැබ තිබිය දී රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් පැමිණ ඔහු බේරාගෙන ගොස් ඇතැයි ද, ලලිත් ජයසිංහ ගැන විමර්ශන පවත්වන රහස් පොලිසිය ඇය ගැන විමර්ශනය කර නැතැයි ද ලලිත් ජයසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට දන්වා තිබෙනවා.

එම සිදුවීමට අදාල වීඩියෝපටයක් ද නීතීඥවරු අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ගම්වාසීන් විසින් විදුලි කණුවක බඳිනු ලැබ සිටි ස්විස් කුමාර් බේරාගෙන මුදා හැරීම ගැන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්ට එරෙහිව ඇති චෝදනා ගැන විමර්ශනය කරන ලෙසත්, ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසත් රහස් පොලිසියට නියෝග කරනු ලැබුවා.

එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති තමිල් මාරන් සැකකරු ගැන තොරතුරු දැන ගත් ආකාරය ගැන ද විමර්ශනය කරන ලෙස නියෝග කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site