Home News Breaking විදෙස් මුදල් සමඟ ගුවන් මගීන් දෙදෙනෙක් රේගු අත්අඩංගුවට

විදෙස් මුදල් සමඟ ගුවන් මගීන් දෙදෙනෙක් රේගු අත්අඩංගුවට

102 views

විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙක් ඊයේ (06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු දෙදෙනා අවුරුදු 61 සහ 33 යන වයස් වල පසුවන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලුවල සහ ඔවුන් ඇඳ සිටි ඇදුම් අතරේ මෙම විදේශ මුදල් තොගය සඟවා තිබියදී ඒවා සොයාගත් බව සඳහන්.

මෙලෙස සොයාගත් විදෙස් මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 64 ක් වන අතර බ්‍රිතාන්‍ය පවුම්, යූරෝ සහ සෞදි රියාල් ඒ අතර තිබී හමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සොයාගත් විදේශ මුදල් තොගය රාජසන්තක කර සැකකරුවන් දෙදෙනා නිදහස් කර ඇති බව සඳහන් වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site