Home News Breaking විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ගෙන ආ පුද්ගලයාට වැඩ වරදියි

විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ගෙන ආ පුද්ගලයාට වැඩ වරදියි

151 views

රුපියල් ලක්ෂ 05 ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ පුද්ගලයෙකු අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වෙන්නප්පුව, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මොහු අද අලුයම 12.50 ට පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් FZ – 257 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 10,000ක් අඩංගු දුම්වැටි කාටූන් 50ක් සඟවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

සොයා ගැනුණු දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර සැකකරු රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site