Home News Breaking විනෝද චාරිකාව ඛේදවාචකයක් වෙයි – විදුහල්පති ඇතුළු 3ක් ඔයට බිලි

විනෝද චාරිකාව ඛේදවාචකයක් වෙයි – විදුහල්පති ඇතුළු 3ක් ඔයට බිලි

441 views

අම්පාර දමන එක්‌ගල්ඔය වැවේ ඊයේ (08 දා) උදැසන ඔරු පැදීමට ගිය බදුල්ල කඳන ස්‌ප්‍රිංවැලි සිරිසීවලී විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු තිදෙනකු දියේ ගිලීමෙන් මරුමුවට පත්වූ අතර එක්‌ අයකු අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ විදුහලේ මුරකරු ලෙස සේවය කළ පුද්ගලයායි.

ඊයේ (08 දා) උදැසන 9 දෙනකුගෙන් යුත් පිරිසක්‌ ඔරු දෙකක්‌ එකට ගැට ගැසූ පාරුවකින් එක්‌ගල්ඔය වැව මැදට ගමන් කර තිබෙනවා. එම අවස්‌ථාවේ එම ඔරුවලට දිය පිරීම නිසා මෙම පිරිස වැවට වැටීමෙන් සිව් දෙනකු දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ දියේ ගිලී ඇත්තේ මෙම විද්‍යාලයේ විදුහල්පති බී.එන්. අමරසූරිය (57), සිංහල විෂය උගන්වන ගුරුවරයකු වන යූ.කේ.යූ.කේ.එස්‌. චන්දිම (43), මුරකරු ලෙස සේවය කළ විපුල බණ්‌ඩාර (35) සහ එම විද්‍යාලයේ ගුරුවරියකගේ පුතකු වන චාරුක විදර්ශන නමැති (13) නමැති පාසල් සිසුවෙකියි.

පෙරේදා (07 දා) උදැසන සීවලී විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්‌ඩලයේ පවුල්වල පිරිසක්‌ අම්පාරේ විනෝද චාරිකාවක් සඳහා පැමිණ තිබෙනවා.
මහඔය උණුවතුර ළිං, අරන්තලාව පුදබිම ඇතුළු ස්‌ථාන කිහිපයක්‌ නරඹා පෙරේදා සවස මෙම පිරිස එක්‌ගල්ඔය වන සංරක්‍ෂණ කඳවුර භූමියට පැමිණ නවාතැන් ගෙන ඇති බව සඳහන්.

උදැසන මෙම විදුහල්පතිවරයා ඇතුළු නව දෙනකුගෙන් යුත් පිරිසක්‌ එම ස්‌ථානයේ ඔරු දෙකක්‌ එකට ගැට ගසා තිබෙන පාරුවක නැඟී ලීයකින් වැව් පතුලට ගසමින් වැව මැද්දට ගොස්‌ තිබෙනවා. එම අවස්‌ථාවේදී වැව මැදට ගිය පසු ලීය වැවේ පතුලට නොවැදීම නිසා මෙම පිරිස අතින් ජලයට ගසමින් පාරුව ගොඩට ගැනීමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්‌ථාවේ පාරුවේ සිටි පිරිස කලබල වීම නිසා එම පාරු දෙක සහිත ඔරු දියේ ගිලෙන්නට යද්දී මෙම පිරිස වැවට වැටී තිබෙනවා.

එම අවස්‌ථාවේ දිවි බේරාගත් මෙම විදුහලේ රසායනාගාර සහායක ලෙස සේවය කරන ප්‍රගීත් කැලුම් මෙසේ කියා සිටියා.

“ඔරුව ගිලෙන්න යද්දී අපි ඔක්‌කොම වැවට වැටුණා. යට යන්න ගිය ඔරුව ඊට පස්‌සේ වතුර උඩට ආවා. එතන සිටිය කුඩා දරුවෙක්‌ මම පාරුවට උස්‌සලා තිබ්බා. ඊට පස්‌සේ මමත් පාරුවට ගොඩ වුණා. ඒ එක්‌කම පිහිනා යමින් සිටි රංජිත් නැවත පාරුව දෙසට පිහිනලා එද්දී මම ලීයක්‌ දාලා ඇදලා ගත්තා. කොහොම හරි ඒ වෙලේ පස්‌ දෙනෙක්‌ අපි පාරුවට ගොඩවෙලා උදව් එනකම් පාරුවට වෙලා හිටියා.

ඊට පස්‌සේ ඔරුවක්‌ ආවා. අපි ඒ ඔරුවට නගින්න හදද්දී ඒ ඔරුව පෙරලුණා. ඊට පස්‌සේ තවත් ඔරුවක්‌ ආවා. ඒකට තුන් දෙනෙක්‌ නැග්ගා. ඒ එක්‌කම තවත් පාරුවක්‌ අරන් අපි සිටි ස්‌ථානයට සනත් ගුරු මහතා ඇතුළු පිරිසක්‌ ආවා. එයට කඹයක්‌ දාලා පස්‌සේ දෙන්නෙක්‌ ගොඩවුණා.”

දියේ ගිලී මියගිය තිදෙනකුගේ මළ සිරුරු ඊයේ සවස වන විට සොයා ගැනීමට කිමිඳුම් කණ්‌ඩායම්වලට හැකි වී තිබෙනවා.

මේ එක්‌ගල්ඔය පදිංචි ශාලිත සේනාරත්න සිද්ධිය විස්තර කල අයුරුයි.

“මට කෑ ගහන ශබ්දයක්‌ ඇසුණා. මම යතුරු පැදියෙන් ඉක්‌මනින් වැවට ආවා. ඒ වෙලේ පාරුවක්‌ දියේ ගිලිමින් තියෙනවා දැක්‌කා. මම ඔරුවක නැඟලා තවත් අයෙක්‌ සමඟින් යද්දී තවත් ඔරුවක්‌ මට කලින් එතෙන්ට ගියා. ඒ වෙලේ පාරුවේ සිටි පිරිස ඔරුවට ගොඩ වෙද්දී ඒ ඔරුව පෙරලුණා. ඒ අය ඔරුවේ එල්ලිලා හිටියා. පස්‌සේ මම අරන් ගිය ඔරුවට තුන් දෙනෙක්‌ දැම්මා. ඒ එක්‌කම ගොඩ ඉඳන් ආපු පාරුවට කඹ දාලා ඇදලා අරන් ඉතිරි දෙන්නා දැම්මා”

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site