Home News Breaking විශ්වාසභංග විවාදය සහ ඡන්ද විමසීම අද

විශ්වාසභංග විවාදය සහ ඡන්ද විමසීම අද

235 views

වත්මන් පාර්ලිමේන්තු සංයුතිය අනුව කථානායකවරයා හැරුණු කොට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී සංඛ්‍යාව 106 ක්.

ඔවුන් අතරට මුස්ලිම් කොංග්‍රසයේ 7ක්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ 5ක්, අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් සහ රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් එක්ව පිහිටුවා ගනු ලැබූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් 6ක්, ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු ඇතුළත්.

පාර්ලිමේන්තුවේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 95ක් වන අතර, ඉන් 54 දෙනෙකු නියෝජනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂයයි.

දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රී ධුර 16 ක්, ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් 6 ක්, සහ ඊ.පී.ඩී.පී. සංවිධානයේ එක් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.

මේ අතර, විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඊයේ (03) ඉල්ලීමක් කළා.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වුණා.

ජනාධිපති නිල නිවසේ පැවති එම සාකච්ඡාවේදී මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කළේ ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමටයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා මුණ ගැසුණා.

එම අවස්ථාවට මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රාජිත සේනාරත්න සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන්ද එක්ව තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස් වුණේ ඉන් අනතුරුවයි.

අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ තීරණය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර් සම්බන්ධන් මහතා සහ එම සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කළා.

මේ අතර, විශ්වාසභංගය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය පිළිබද අවසන් එකඟතාවකට පැමිණීම සදහා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ (03) රාත්‍රියේ දරුසලාම්හිදී රැස්වුණා.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය තීරණය කර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේදී ඊයේ (03 පස්වරුවේ රැස්වුණා.

විශ්වාසභංගය යෝජනාව වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරගැනීම සඳහා දැනට ඒ සදහා විරුද්ධව සිටින පාර්ශ්වයන් සමග තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී තීරණය කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ (03) පස්වරුවේ ජනාධිපතිගේ ප්‍රධාත්වයෙන් කොළඹ පිහිටි ජනපති නිල නිවසේදී රැස්වුණා.

මේ අතර ආණ්ඩුව තුළ කළකිරීමට පත්ව සිටින කිහිප දෙනෙකු සහයෝගය පළ නොකලද අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව තමන් ස්ථිරවම පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථායේ ඊයේ (03) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site