Home News Breaking විශේෂ දුම්රිය 12ක් අද සිට ධාවනයට

විශේෂ දුම්රිය 12ක් අද සිට ධාවනයට

890 views

අලුත් අවුරුදු සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා අද (12) සිට විශේෂ දුම්රිය 12ක් ධාවනයට යොදවා තිබෙනවා.

ඒ අනුව, රාත්‍රී 7.20 ට කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ මැදිරියක් ද සහිත දුම්රියක් ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මීට අමතරව, අද රාත්‍රී 10ට කොළඹ කොටුව සිට යාපනය දක්වාත්, පස්වරු 6.50 ට කොළඹ – කොටුව සිට ගාල්ල දක්වාත් දුම්රිය දෙකක් ධාවනයට යොදවා තිබෙනවා.

එමෙන්ම, පස්වරු 1.55 ට කොළඹ – කොටුව සිට මහව දක්වාත්, පස්වරු 5.10 ට මහව සිට කොළඹ – කොටුව දක්වාත් විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට නියමිතයි.

උදෑසන 9.20ට සහ උදෑසන 11.50 ට මරදාන සිට ගාල්ල දක්වා විශේෂ දුම්රිය 2ක්ද, රාත්‍රී 9.50ට ගාල්ල සිට මරදාන දක්වා දුම්රියක්ද ධාවනය වනු ඇති.

මීට අමතරව පස්වරු 2.55 ට මරදාන සිට මාතර දක්වාත්, රාත්‍රී 7 ට මාතර සිට මරදාන දක්වා දුම්රිය 2 ක්ද ධාවනය වනවා.

එමෙන්ම පස්වරු 1.15 ට සහ පස්වරු 5.55 ට ගාල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක්ද ධාවනය කිරීමට නියමිත බවයි පාලක මැදිරිය සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site