Home News Breaking විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල යටතේ මහින්දානන්දගේ නඩුව ඉදිරිපත් කිරීමට සුදානම්

විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල යටතේ මහින්දානන්දගේ නඩුව ඉදිරිපත් කිරීමට සුදානම්

99 views

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අළුතින් ස්ථාපිත කෙරෙන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පැවරීමට ඇති ඉඩකඩ පිළිබඳව අධ්‍යයනය කරන බව අල්ලස් කොමිසම අද(03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.

අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම බව අධිකරණයට දන්වා සිටියා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මෙම නඩුව අළුතින් ස්ථාපිත කෙරෙන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල වෙත යොමු කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි.

මීට අදාළව අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දන්වා සිටියේය.

ඒ අනුව නඩුව නැවත සැප්තැම්බර් මස 4 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදිනට එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් අල්ලස් කොමිසමට නියම කළේ.

ඉකුත් රජය සමයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවට කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිල දී ගැනීමේ දී රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදු කිරීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම අදාළ පැමිණිල්ල කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

අද දින පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගිවීම නිසා සැකකාර මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඒ බව තහවුරු කරන පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ ලිපියක් ද ඔහුගේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site