Home C Gossip වෛද්‍යවරුන් මියගිය බව කී අලුත උපන් බිලිඳුන් ආදාහනය කරන්න යද්දී යළි පණ...

වෛද්‍යවරුන් මියගිය බව කී අලුත උපන් බිලිඳුන් ආදාහනය කරන්න යද්දී යළි පණ එයි

SHARE

විසි හැවිරිදි මවක බිහි කළ නිවුන් දරු දෙදෙනකු හා බැඳුණු අනුවේදනීය සහ අසාමාන්‍ය පුවතක් නිසා මේ දිනවල ඉන්දියාවේ විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.

මෙම ආන්දෝලනයට පසුබිම් වී ඇත්තේ දිල්ලියේ පිහිටි මැක්ස් නැමැති පෞද්ගලික රෝහලක සිදු වූ සිදුවීමකි.

ඉන්දීය මාධ්‍ය හරහා වාර්තා වන අන්දමට පසුගිය 30 වෙනි දින වර්ෂා නැමැති මෙම තරුණ මව ඉහත කී රෝහ‍ලේදී නිවුන් දරුවන් දෙදෙනකු බිහි කර තිබෙනවා.

නමුත් එම දරු දෙදෙනා මියගිය බව වෛද්‍යවරු වර්ෂාටත්, ඇගේ සැමියා වන අශීෂ්ටත් පසුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව දරුවන් දෙදෙනාගේ සිරුරු ප්ලාස්ටික් ආවරණයක දමා ඔවුන්ට භාරදීමට රෝහල කටයුතු කර ඇති බව සඳහන් වෙනවා.

මහත් සිත් කම්පාවට පත් වූ මව්පියන් දෙදෙනාට වෙන කරන්නට දෙයක් නොවූයෙන් ඔවුහු දරු දෙදෙනාගේ සිරුරු ආදාහනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පවු‍ලේ උදවිය දරුවන්ගේ සිරුරු දමා තිබූ ආවරණයද ගෙන ආදාහනාගාරයක් කරා ගමන් කරමින් සිටි අතර ඒ අවස්ථාවේ සිදුවී ඇත්තේ කිසිසේත් බලා‍පොරොත්තු නොවිය හැකි ආකාරයේ සිදුවීමකි. පවු‍ලේ අයෙකුට හදිසියේම ප්ලාස්ටික් ආවරණය තුළ යම් සෙලවීමක් දැකගන්නට ලැබි තිබෙනවා.

වහාම ආවරණය විවර කර බලද්දී ඔවුන්ට දැකගන්නට ලැබි ඇත්තේ මියගිය බව පැවැසූ දරු දෙදෙනාගෙන් එක් අයෙකු තවමත් පණ පිටින් සිටින අන්දමයි. මෙයින් විස්මයට පත් අශීිෂ් ඇතුළු පිරිස වහාම ඒ අසල පිහිටි වෙනත් රෝහලකට දරුවන්ද සමග ගොස් ඇති අතර පණ පිටින් සිටි ඉහත කී දරුවා ඇතුළත් කරගෙන ප්‍රතිකාර ලබා දීමට එම රෝහල පියවර ගෙන තිබෙනවා.

බලා‍පොරොත්තු විය හැකි ආකාරයෙන්ම දැන් ඉන්දියාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට මෙම සිද්ධිය සමත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් කිරීමට අදාළ රෝහල කටයුතු කර ඇති අතර සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරුන් දෙදෙනකු නිවාඩු යැවීමටද ඔවුන් පියවර ගෙන ඇති බව අනාවරණය වෙනවා.මේ සම්බන්ධයෙන්, දරු දෙදෙනාගේ පියා වන 26 හැවිරිදි අශීෂ් ‍පොලීසියට ද පැමිණිල්ලක් ගොනු කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඔහු සඳහන් කර ඇති අන්දමට නොවැම්බර් 27 වෙනි දින වර්ෂා හදිසියේම දැඩි වේදනාකාරී තත්ත්වයකට පත්ව ඇති අතර ඒ අනුව ඇය මුලින්ම ගෙනගොස් ඇත්තේ අසල පිහිටි වෙනත් සාත්තු නිවාසයක් වෙතය. මැක්ස් රෝහල වෙත ඇය යොමු කර ඇත්තේ එහිදී ඇය පරීක්ෂා කරන ලද වෛද්‍යවරුන් විසිනි. මැක්ස් රෝහ‍ලේ දී ඔවුන්ට දැනගන්නට ලැබි ඇත්තේ කුස තුළ නිවුන් දරු දෙදෙනකු සිටින බවයි. එමෙන්ම ඔවුන් ජීවත් වීමට ඇති ඉඩ ඉතා අඩු බවද, එය සියයට 10-15ක ප්‍රතිශතයක් බවද වෛද්‍යවරුන් පවසා ඇතැයි සඳහන් වෙනවා.

ඒ වනවිට දරු ගැබට සම්පූර්ණ වී තිබි ඇත්තේ මාස හයකට ආසන්න කාලයක් පමණක් වීමද මෙයට බලපාන්නට ඇත. දරුවන් ජීවත් වීමට ඇති ඉඩ වැඩි කිරීම සඳහා ඉන්දියානු රුපියල් 35,000 ක් වන එන්නත් 3ක් ලබා දීමට නිර්දේශ කළ බවද අශීෂ් පවසා ඇත. මෙම එන්නත් ලබා දීමෙන් පසු දරුවන් ජීවත් වීමේ අවස්ථාව සියයට 30ක ප්‍රතිශතයක් දක්වා වැඩි වූ බව ද රෝහලෙන් දැනුම් දී තිබෙනවා.

කෙසේ හෝ වේවා නොවැම්බර් 29 වෙනි දින රාත්‍රියේ වර්ෂාගෙන් රුධිර වහනයක් සිදුවීමට පටන්ගෙන ඇති හෙයින් ශල්‍යකර්මයක් කළ යුතුව ඇති බව දැනුම් දී ඇතැයි පැවැසේ. එයින් අනතුරුව 30 වෙනි දින උදයේ වර්ෂා ඇගේ පළමු දරුවා ප්‍රසූත කර තිබෙනවා. ඔහු මියගොස් සිට නැති බව පැවසෙන අතර ඊට මඳ වේලාවකට පසු බිහි කළ දෙවැනි දරුවා (දියණිය) උපත ලබද්දීම මියගොස් සිට ඇතැයි වාර්තා වෙනවා.

පළමු දරුවා ද ඒ වනවිට සිටි අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ එන තුරු රැක ගැනීමේ ප්‍රතිකාර කටයුතු සඳහා තවත් ඉන්දියානු රුපියල් ලක්ෂ 50ක මුදලක් වැය වනු ඇතැයි රෝහල සඳහන් කළ බවද අශීෂ් පවසා තිබෙනවා. පවු‍ලේ අය මේ ගැන සාකච්ඡා කරමින් සිටින අතර එදින දහවල් වනවිට රෝහලෙන් දැනුම් දී ඇත්තේ පළමු දරුවාද මිය ගිය බවයි. දරුවන් දෙදෙනාගේ සිරුරු ප්ලාස්ටික් ආවරණයක බහා පවු‍ලේ උදවියට භාර දී ඇත්තේ එයින් අනතුරුවය.

ආදාහනාගාරය වෙත යමින් සිටින අතරතුර, පළමු දරුවා මියගොස් නැති බව දැනගැනීමෙන් පසු එම දරුවා ඒ අසල පිහිටි වෙනත් රෝහලකට ඇතුළත් කළ පවු‍ලේ පිරිස අනතුරුව, ඒ වනවිට මියගොස් සිටි බව තහවුරු කර තිබූ, දෙවැනි දියණියගේ සිරුර ආදාහනය කිරීමට කටයුතු කර තිබෙනවා..

මේ වනවිට මෙම සිද්ධිය පිළිබඳ ‍පොලිස් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති අතර සිද්ධියට අදාළ වෛද්‍ය වාර්තා ආදිය සිය භාරයට ගැනීමට ඔවුන් ක්‍රියා කර ඇත. මේ අතර වර්ෂාට ලබා දුන් ඉන්දියානු රුපියල් 35,000 ක් වූ බව සඳහන් එන්නත් ද අත්‍යවශ්‍යම වූ ඒවා ද යන්න සම්බන්ධයෙන්ද සොයා බලන බව ඔවුන් සඳහන් කර තිබේ. මේ පිළිබඳව කෙරෙන පරීක්ෂණවලින් පසු අවශ්‍ය වුවහොත් රෝහ‍ලේ බලපත්‍රය අවලංගු කිරීමට වුවද පියවර ගන්නා බව දිල්ලි බලධාරීන්ගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site