Home News Breaking වෛද්‍ය වැඩ වර්ජනය අද දිනටත් ක්‍රියාත්මකයි

වෛද්‍ය වැඩ වර්ජනය අද දිනටත් ක්‍රියාත්මකයි

SHARE

ඊයේ පෙරවරු 8.00ට වෛද්‍ය වැඩ වර්ජනය ආරම්භ වූයේ, සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු සරසවි සිසුන්ට පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් පැවසුවේ, සයිටම් ආයතනය ජනසතු කිරීම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම, සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී විරෝධතාවයේ නිරත වූ සරසවි සිසුන්ට සිදු කළ ප්‍රහාරය හෙළා දැකීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 5ක් මුල් කර ගනිමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බව ය.

ළමා රෝහල්, කාන්තා රෝහල් සහ මහරගම පිළිකා රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව වෛද්‍ය නලින්ද හේරත් පැවසුවේ ය.

මේ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ, වැඩ වර්ජනය සිදු කෙරෙන රෝහල්වල හදිසි ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන බව ය.

ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම ද සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව වෛද්‍ය නලින්ද හේරත් වැඩිදුරටත් සඳහන් කළේ ය.

අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, වර්ජනයට මුහුණ දීම සඳහා වැඩපිළිවෙළක් යොදවන බව ය.

මේ අතර වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දවස පුරා දිවයිනේ සියලු රෝහල්වල රෝගීන් පීඩාවට පත්ව සිටින අයුරු අපට දැකගන්නට ලැබිණි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, දුර බැහැර සිට පැමිණි රෝගීන්ට වෛද්‍යවරු නොමැති වීමෙන් ආපසු හැරී යාමට සිදුවූ බව යි .

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site